ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

එජාප - ජවිපෙ එකම වේදිකාවකට


විදුලි බිල වැඩිවීම මුල් කරගෙන එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආදී විපක්ෂයේ සියලු පක්ෂ එක වේදිකාවකට ගෙන ඒමේ වැඩපිළිවෙළක් මේ වනවිට ආරම්භ වී ඇතැයි විපක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. රටේ සියලු ජනතාවට බලපාන ලෙස විදුලි බිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීමට එරෙහිව විපක්ෂය එක වේදිකාවකට ගැනීමේ අරමුණින් මේ වැඩපිළිවෙළ දියත් කර ඇත. සෑම පක්ෂයකම වෘත්තීය සමිති
මෙම විරෝධතා ව්‍යාපාරයට පෙළ ගැස්වීමේ ප්‍රථම පියවර ලෙස ලබන 15දා විරෝධතා පා ගමනක්ද 21දා රට පුරා සංකේත වැඩ වර්ජනයක්ද ආරම්භ කිරීමට නියමිතය.
වෘත්තීය සමිති විරෝධතාවයෙන් පසු සියලු දේශපාලන පක්ෂ ලබන අගෝස්තුව වනවිට ජනතාවගේ ‍පොදු ප්‍රශ්න අරමුණු කරගෙන අරගල කිරීමට මේ වනවිටත් සාකච්ඡා ආරම්භ වී තිබේ.

Posted in:

0 comments for "එජාප - ජවිපෙ එකම වේදිකාවකට"

Leave a reply