මාක්ස්වාදීන් බොන්න එපා කියලා නෑ – ලාල්කාන්ත
සති අන්ත පුවත්පතක් හා මත්පැන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කියයි.
‘අපේ පක්‍ෂය ආරම්භයේදීම මත්පැන් සිගරට් අනවශ්‍ය දෙයක් ලෙස ඉවත් කලා. ඓතිහාසික තීන්දුවට එදා පක්‍ෂය ආවෙ එතුල අපට බලපෑ ආර්ථික දුෂ්කරතා මතයි. එතනදී ඒ දේවල්වලට වියදම් කරන මුදල් පවා පක්‍ෂ සංවර්ධනයට යොදවන එක අර්ථවත් කියන තත්වයට ගොඩ නැගුනා.
ඒක තමයි එදා තත්වය.
එහෙම කියලා මත්පැන් සිගරට්වලින් තොර මිනිස්සු හොඳයි කියලා කාටවත් කියන්න බෑ. මේ මොකුත් නොකරන අන්ත කුහකයෝ මේ සමාජයේ පරිලා ඉන්නවා. මම කියන්නෙ මත්පැන් කියන්නෙ පෞද්ගලික කැමැත්ත. මේක දේශපාලනිකව ගලප්පා නොගත යුතුයි.
මාක්ස්වාදීන් මේ ක‍්‍රමය ගැන කතා කලා. මේ ක‍්‍රමය වෙනස් කරන හැටි කතා මිසක් මත් පැන් බොන්න එපා වගේ කාරණා ගැන මාක්ස්වාදීන් කතා කරලා නෑ. ඒක එක එක්කෙනාගේ පෞද්ගලික කැමැත්ත’
Posted in:
මාක්ස්වාදීන් බොන්න එපා කියලා නෑ – ලාල්කාන්ත

0 comments for "මාක්ස්වාදීන් බොන්න එපා කියලා නෑ – ලාල්කාන්ත"
Leave a reply