ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ලාංකික කත අනියම් පෙම්වතා මරා සිංගප්පූරු හිරේට

සිංගප්පුරුවේ සේවය කරමින් සිටි ශ‍්‍රී ලාංකික ගෘහසේවිකාවකට එරට අධිකරණයක් වසර 10ක සිර දඩුවම් නියම කර ඇතැයි වාර්තා වනවා.
2009 වසරේදී ඉන්දියානු ජාතික අනියම් පෙම්වතා ඝාතනය කිරීමේ චෝදනාවකට ඇයට මෙම දඩුවම නියමව තිබෙනවා.
ඇය අනියම් පෙම්වතා වෙනත් විවාහයක් කරගන්නා බව පැවසීමෙන් උරණවී ඔහුට පහරදී මරා ඇත්තේ ව්‍යායාම සඳහා භාවිතා කරන ඩම්බෙල් එකකිනි.
දෙදරු මවක වන ඇය ගෘහ සේවිකාවක ලෙස සේවයට ගිය මුල් කාලයේම එහි ස්ථිර පදිංචිය ඇති කඩවසම් තරුණයෙකු දැක ඔහු හා පෙමින් බැඳී ඇති අතර වරින්වර ඔහුගේ නිවසට කවුරුත් නැති අවස්ථාවල ගොස් අඹුසැමියන් ලෙස හැසිරීමද පුරුද්දක් කරගෙන තිබෙනවා.
තර්මලිංගම් පුවනේස්වරී නමැති සිංගප්පූරු නිවසක ගෘහ සේවිකාවක ලෙස සේවය කළ 34 හැවිරිදි මෙම කාන්තාව මුරුගයියන් සෙල්වම් නමැති 32 හැවිරිදි තරුණයා සමග මේ ආකාරයට අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඔහු ඉන්දීය ජාතික අවිවාහක අයෙකු වන අතර සිංගප්පූරුවේ ස්ථිර
පදිංචිකාරයෙකි.
මෙම සම්බන්ධය පවත්වායන අතරතුර දිනක් ඔහු පවසා ඇත්තේ ගෘහසේවිකාව වාසය කරන නිවසේ උදවියට යහමින් මුදල් හදල් ඇති නිසා ඒවා ලබාගන්නට කෙටි ක‍්‍රමයක් සොයා දෙන ලෙසයි. අත්සන් යෙ¥ මුදල් ගණන් සඳහන් නොකළ චෙක්පත් ඇති පොත් නිවසේ තිබෙන බව පුවනේස්වරී ඔහුට මින් පෙර කියා ඇති නිසා ඒවා සොරකම් කර දෙන ඔහු ඇගෙන් ඉල්ලා තිබෙනවා.
සිය පෙම්වතා විසින් ඇය සේවය කරන ස්ථානයේ සිය ස්වාමියාගේ චෙක් පොත සොරකම් කර දෙන හදිසියේ බලපෑම් කරන හේතුව සොයා බැලීමේදී ඔහුට ඔහුගේ දෙමාපියන් ඉන්දියාවෙන් සොයා දුන් මනාලියක සිටින බවත් එම මංගල්‍යය සඳහා මුදල් අවශ්‍ය බැවින් ඇය විවාහ කර ගැනීමට තමාට සොරකම් කරන්නට බලකරන බවත් ඇය සොයාගෙන තිබෙනවා.
මේ බව දැනගෙන අනියම් පෙම්වතා සමග කෝපවූ කාන්තාව ඔහු මුණගැහෙන්නට ඔහුගේ නිවසට ගිය වේලාවක බහින්බස්වී තිබෙන අතර කෝපය පාලනය කරගත නොහැකිව පහර දෙන්නටත් ගොස් තිබෙනවා. එම අවස්ථාවේ ඔහුගේ කාමරයට යාබද කාමරයකින් ඇයගේ අතට හසුවූ බව කියන කිලෝ 5 ක බර ඉසිලීමට යොදාගන්නා ඩම්බෙල් එකකින් පහරදී මේ ඝාතනය සිදු කර තිබූ බව වාර්තා වුණා. මෙම

පහරදීමෙන් ඔහු එතැනිම මියගොස් තිබෙනවා.
මේ සම්බන්ධ නඩු විභාගය වසර 4 කට ආසන්න කාලයක් සිංගප්පූරු අධිකරණයේ විභාග වුණා. ඇය උසාවියේදී දිගින් දිගටම කියා ඇත්තේ තමාට සොරකම් කිරීමට බලපෑම් කළ නිසා මරාදැමූ බවකි.
මෙම කාන්තාව ලංකාවේ විවාහයක් සිදු කරගත් කාන්තාවක් වන අතර ඇය දරු දෙදෙනෙකුගේ මවක වන බවද පැවසුණා.ඇය ලංකාව අතැර සිංගප්පූරු ගියේ සැමියාගෙන් වන හිරිහැර නිසා බවද අධිකරණයේදී කියා තිබුණා.
ඊයේ ලැබුණ තීන්දුවට අනුව ඇයට සිංගප්පූරු බන්ධනාගාරයේ වසර 10 ක සිරදඬුවම් විඳීමට නියම වුණා.

gossiplanka

Posted in:

0 comments for "ලාංකික කත අනියම් පෙම්වතා මරා සිංගප්පූරු හිරේට"

Leave a reply