ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානය සහ විධායක නිෂ්පාදකයා අතර ඇති හාදකම


රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානය ආශා එදිරිසිංහට ලබාදීම නිසා කේෂත්‍රෙය් දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ ස්වාධීන රූපවාහිනීයේ පමණක් විකාශය වන ටෙලියක භූමිකාවක් රැගූ ආශාට මෙම සම්මනය හිමිවීමය. කෙසේවුවද රයිගම් ටෙලීස් නම වසරක ටෙලි සම්මාන ඉතිහාසයේ ඔවුන් තේරූ ජනප්‍රියම නිළිය සම්මානය සම්බන්ධයෙන් වැඩි වාර ගණනක් චෝදනා එල්ලවී තිබෙනවා.

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන ක‍්‍රිහෂ්නි නෙහාරා කනිෂ්‍යා පීරිස් වසර 2008 සිට 2011 දක්වා කාලයේදී එහි ජනප්‍රියම නිළිය බවට පත්වූවාය.

ඇයට මෙම සම්මානය
ලබාදෙනු ලැබුවේ අදාල සම්මාන උළෙල පවත්වන ද කිංඩම් ඔෆ් රයිගම්හි තානාපතිවරියක් ලෙස ඇය සිවුවසරකට ගිවිසුම් අත්සන් කර තිබූ නිසා බවද පැවසේ.

ආශාට මෙම සම්මානය දීමට තවත් හේතුවක් ලෙස අදාල සම්මාන උළෙලේ විධායක නිෂ්පාදකයා හා ඇති හාදකමක්ද හේතුවී ඇති බවද වාර්තා වේ.

රයිගම් ටෙලිස් සම්මාන උළෙල ද කිංඩම් ඔෆ් රයිගම් සමාගමේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන්නකි.

Posted in:

0 comments for " රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානය සහ විධායක නිෂ්පාදකයා අතර ඇති හාදකම "

Leave a reply