ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මට නම් විවේචනයත් පබ්ලිසිටියක් -මැණික් විජේවර්ධන


රිදී තිරයට නම් ඇය ආගන්තුකයි. නමුත් සිය පළමු රංගනයෙන්ම රිදී තිරය තමන් වෙත නතු කරගැනීමට ඇය සමත් වුණා. අනිත්‍යා චිත්‍රපටයෙන් අනාගත සිහින සිනමාව පිළිබඳ අපේක්ෂා දල්වන මැණික් හදගැස්මට ඒ සිහින ගැන කිව්වා.


• රඟපෑමට එනවාමයි කියලා හිතාගෙන හිටියාද?
කැමැත්ත තිබුණා. ඒත් එනවාමයි කියලා හිතේ තිබුණේ නෑ.


• කෞෂි වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මාලක වැලිගොඩපොල අයියා ෂූට් එකක් කරද්දි මෙහෙම දෙයක් තියෙනවා කරමුද කියලා ඇහුවා. මං කිව්වා කරමු, මට එයාව අඳුන්වලා දෙන්න කියලා. එහෙම තමයි නාලක අයියාව හම්බවුණේ.


• චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කලින් රඟපෑමට පසුබිම හදාගත්තෙ කොහොමද?
මම ටී.වී. කමර්ෂල් කිහිපයක් කළා. නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියා. හැබැයි ඒ දේවල්වලට වැඩි කාලයක් යොමු කරන්න බැරිවුණා.


• අනිත්‍යා චිත්‍රපටයට ආරාධනා ලැබුණාම එක පාරට පිළිගත්තද?
ස්ක්‍රිප්ට් එක කියෙව්වා. ඊට කලින් මට ෆිල්ම්ස් දෙක තුනක් විතර ඇවිත් තිබුණා. එකක්වත් භාරගත්තෙ නෑ. මේ ස්ක්‍රිප්ට් එක කියෙව්වාම අනේ මන්දා මං කැමැති වුණා.



• ගෙදරින් මොකද කිව්වේ?
අම්මාගෙනුයි, තාත්තාගෙනුයි ඇහුවා. එක එක ලිමිට් තිබුණා. ස්ක්‍රිප්ට් එකේ තිබුණ සමහර තැන් නාලක අයියා කිව්වා ඒවා ලියලා තිබුණාට රූගත කරන්නේ නැහැ කියලා.


• එකපාරට සිනමා කෘතියකින්ම රංගනයට වරම් ලැබුණාම මොකද හිතුණේ?
ඇත්තටම ඹ්භජඬ එකක් තියෙන්න ඕන. ඉතින් මං හිතන්නෙ ඹ්භජඬ එකට ලැබුණ දෙයක්. මොකද සිනමාවෙන් කෙනෙක් ඉදිරියට එනවා කියන්නෙ බොහොම කලාතුරකින් වෙන දෙයක්.


• කෞෂි ඔයාගේ සැබෑ ජීවිතයට හුඟක් සමානකම් තියෙන චරිතයක් කිව්වොත් හරිද?
සමහර සමාන තැන් තියෙනවා. කෞෂි කියන්නේ තාරුණ්‍යයේ ඉන්න චරිතයක්. මමත් එහෙමයි. අනිත් එක තමයි, කෞෂි කියන්නෙ මුරණ්ඩු ගතියක් තියෙන, අරගලකාරී චරිතයක්. ටිකක් මගේ ජීවිතේත් ඒක තියෙනවා. හැබැයි සම්පූර්ණයෙන් නම් සමාන නෑ.


• ගැහැනු ළමයි සිගරැට් පානය කිරීම හරිද?
වැරැදියි. ගැහැනු ළමයි විතරක් නෙවෙයි පිරිමි ළමුන්ටත් ඒක අදාළයි.


• චිත්‍රපටයේ අදාළ දර්ශනවලදී බොහොම පළපුරුදු විදියට ඒ වැඩේ කළේ කොහොමද?
ලේසි වුණේ නෑ. ඇස්වලින් කඳුළු ආවා. කට් කරන්නත් බෑ. අයියලා දෙතුන් දෙනෙක් මෙහෙම කරන්න ඕන කියලා, කියලා දුන්නා.


• ගැහැනු ළමයි කොටට ඇන්දට කමක් නැද්ද?
ඒක එක එක්කෙනාගේ කැමැත්ත අනුව තීරණය වෙන දෙයක්. අවුරුදු තිස්පහ, පනහට ගිහින් කොටට අඳින්න ඕන කියලා මම කියන්නෙ නෑ. තමන්ගේ වයස අනුව තමන්ට ගැළපෙන විදියට විලාසිතා කළාට කමක් නෑ.


• සාමාන්‍ය ජීවිතයේදී ඔයාත් ඒ වගේ විලාසිතා ද කරන්නේ?
ඔව් මමත් අඳිනවා. තැනට ඕන විදියට අඳිනවා.


• කෞෂි කියන්නේ සම්ප්‍රදායෙන් එහාට ගිය චරිතයක්. මේ චරිතයට ආරූඪ වෙද්දි අභියෝග මුණගැහුණෙ නැද්ද?
සම්ප්‍රදාය කියන දේ මම පිළිගන්නෙ නෑ. ඛ්භතබ එකක් කියලා දෙයක් තියෙනවා. මේක ඇත්තම කතාවක්. ඇත්ත කතාවක් නම් ඒ කියන්නේ අනිවාර්යයෙන් ඔවුන් සම්ප්‍රදායෙන් පිට ගිහින් තියෙනවා.


• මැණික් ජනප්‍රියත්වය වැඩි වේගෙන එද්දි පොළොවෙන් අඩි දෙකක් තුනක් උඩින් යන කෙනෙක්ද?
අනේ නෑ. කොහොමටවත් නෑ. මොකද මං ජනප්‍රියත්වය පස්සෙ යන්නෙත් නෑ. දැනට ටෙලිනාට්‍ය දහයකින්, පහළොවකින් විතර ආරාධනා ලැබුණා. ඒත් මං භාර ගත්තෙ නෑ.


• ඒ කිව්වෙ මැණික් ඉදිරියේදී රංගනයට සම්බන්ධ වෙන එකක් නැද්ද?
නෑ. හොඳ නිර්මාණයක් තිබුණොත් සම්බන්ධ වෙනවා. උදයකාන්ත අයියාගේ ෆිල්ම් එකක් කළා. නාලකගේ තවත් ෆිල්ම් එකකට සම්බන්ධ වුණා.


• ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නෙ නෑ ෆිල්ම්ස්වලට සම්බන්ධ වෙනවා කියලා සීමාවක් දාගෙනද ඉන්නෙ?
දැනට ඒ මතයේ තමයි ඉන්නෙ.


• රංගනයට ඒ වගේ බෙදීම් ඕනද?
ටෙලිනාට්‍යවල හැම වෙලාවෙම ෂූටින් යන්න වෙනවා. ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒත් ෆිල්ම් එකකදි මාසයක් දෙකක් කළා එච්චරයි.


• මැණික්, කෞෂි වගේම සැබෑ ජීවිතයේදී ආදරය වෙනුවෙන් ඕනම කැපවීමක් කරන කෙනෙක්ද?
අපෝ නෑ. පිස්සුද? කෞෂි ඇත්තටම හම්බවුණා නම් මං අහනවා මොන ගොන් කමක්ද මේ කරන්නෙ කියලා.


• බැරි වෙලාවත් ඒ වගේ කැපවීමක් කරන්න වුණොත්?
කැපවීම් කියන දේ කරන්න වෙනවා. නැත්නම් ආදරය කියන දේ රදාපවතින්නෙ නෑනේ.


• ඔයාගේ මේ චරිතයට බැන්න, විවේචනය කළ අයත් ඉන්නවද?
මම දැක්කා පත්තරේක දෙකක විවේචනත් දාලා තියෙනවා. මං නම් හරි කැමැතියි. මොකද ඒකත් පබ්ලිසිටිනේ.


• කොහොමද ඒ විවේචනවලට උත්තර දෙන්නෙ?
මම සද්ද නැතුව ඉන්නවා.


• සැබෑ ජීවිතේ ආදරය ගැනත් කියමු?
දැන්ම නොකියා ඉමු. මැරි කරන්න ඉන්නවා කියලා විතරක් කියමු.


• එයා දාපු තහනමක්ද? ඔයා දාගත්ත තහනමක්ද?
ගෙදරින් දාපු තහනමක්.


• රංගන ජීවිතේ ඉදිරිය ගැන කොහොමද හිතාගෙන ඉන්නෙ?
තාම මගේ කිසිම ප්ලෑන් එකක් නෑ. හොඳ නිර්මාණයක් ආවොත් කරනවා එච්චරයි.


සුභාෂිණී ගුණරත්න



Posted in:

0 comments for "මට නම් විවේචනයත් පබ්ලිසිටියක් -මැණික් විජේවර්ධන"

Leave a reply