ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

යතුරුපැදිය උස්සලා.... දින දෙකකට පසු එතැනම ගෙනත් තියලා


අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකුගේ රුපියල් 1,56,000 පමණ වටිනා යතුරු පැදියක් සොරකම් කළ සොරෙකු නැවතත් එය එම ස්ථානයටම ගෙනැවිත් දමා ගොස් තිබියදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය එය සොයාගෙන ඇත.

රඹෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු 17දා රෝගියෙකු බැලීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ යතුරුපැදිය වකුගඩු සායනය අසල නවතා රෝගියා බැලීමට රෝහලට ගොස් ඇත. ඔහු නැවත නිවසට යාමට පැමිණ බලද්දී යතුරු පැදිය නැවතු තැන නොතිබීම නිසා ඒ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

යතුරු පැදිය සොරාගත් පුද්ගලයා දින දෙකකට පමණ පසුව යතුරු පැදිය
සොරාගත් ස්ථානයේ දමා පලා ගොස් ඇති අතර, අයිතිකරුවෙකු නැති යතුරු පැදියක් රෝහල ආසන්නයේ තිබෙන බවට ලද තොරතුරකට අනුව අපරාධ විමර්ශන අංශය යතුරු පැදිය පොලිස් භාරයට ගෙන ඇත. නිල සුනඛයන් යොදා පරීක්ෂණ සිදුකරත් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැති අතර යතුරු පැදිය යම් අපරාධයකට යොදා ගෙන නැවත එම ස්ථානයටම ගෙනත් දැමුවේ ද යන්න අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

Posted in:

0 comments for "යතුරුපැදිය උස්සලා.... දින දෙකකට පසු එතැනම ගෙනත් තියලා"

Leave a reply