නිවාඩු නොදුන්නැයි බහින් බස් වී මුරකරු ස්වාමි දුව ඝාතනය කරලා
.jpg)
නිවාඩු ඉල්ලූ විට නොදුන් නිසා මුරකරු විසින් තම ස්වාමි දුව ඝාතනය කිරීමේ සිද්්ධියක් අලව්වේ වෙලන්ගස්මුල්ල වත්තෙන් වාර්තා වේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ අලව්වේ කණමීවල වෙලන්ගස්මුල්ල වත්තේ හිමිකාරිය වන නාලිනී දිසානායක (40) නැමැති එක්දරු මවකි.
මේ සිද්ධිය වූ දින වත්තේ මුරකරු පැමිණ තමාට දින කිහිපයක් නිවාඩු දෙන මෙන් ඉල්ලා ඇත. එසේ නිවාඩු දිය නොහැකි බව කී නිසා දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී තිබේ.
මේ අවස්ථාවේ මුරකරු විසින් තමා අත තිබූ පොල් පිහියෙන් දිසානායක මහත්මියගේ හිසට පහර දී ඇත. එම පහරින් ඇය බිම ඇද වැටුණු අතර තව තවත් පිහියෙන් හිසට ගැසීම නිසා ඇය මියගොස් ඇත. මිය ගිය දිසානායක මහත්මියගේ මළ සිරුර වත්තේ
පොල් වළක තිබී පොලිසිය විසින් සොයා ගෙන ඇත.
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් කෑගල්ලේ හෙම්මාතගම ප්‍රදේශයේ සැඟවී සිටියදී මුරකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා පොලිස් රැදවුම් බාරයේ තබා ඇත.
අලව්ව පොලිස් ස්ථානාධිපති මහින්ද පුෂ්පකුමාර, අපරාධ අංශයේ ස්ථානාධිපති දසනායක, කාන්තා අංශයේ උප ස්්ථානාධිපතිනී නාලිනි යන මහත්ම මහත්මීහු පරීක්ෂණ මෙහෙයවති.
0 comments for "නිවාඩු නොදුන්නැයි බහින් බස් වී මුරකරු ස්වාමි දුව ඝාතනය කරලා"
Leave a reply