පිහියක් පෙන්වා උදයන්තිගෙන් ආදරය ඉල්ලලා උදයන්ති කැමති වෙලා
ජනප‍්‍රිය වන තරුණ රංගන ශිල්පිණියන්ට විවිධ අයගෙන් ඇතිවන විවිධ බලපැම් හේතුවෙන් ඇතිවන්නේ විටෙක නොසිතූ විරු දේවල්ය. සමහරු මේ ජනප‍්‍රියත්වය තම අනාගත ජීවිතය සාර්ථක කරගන්නට මෙන්ම, තවතත් සමහරු මේ ජනප‍්‍රියතාව නිසාම ජීවිතය අවුල් කර ගනී.
උදයන්තිට ද සිදුවන්නට ගොස් ඇත්තේ මේ ජනප‍්‍රියත්වය නිසා ජීවිතයම අවුල් වන වැඩකි. උදයන්ති 'සුදුයි උසයි' රූගත කිරීමකට ගිය දර්ශන පසුතලයක දී ,එහි සිටි තරුණයෙක් උදයන්තිගෙ ආදරය
බලාපොරොත්තුවෙන් සිට ඇත. මේ තරුණයා සමග පේ‍්‍රම සම්බන්ධයක් පවත්වන්නට තරම් උදයන්තිගේ සිත තුළ කැමැත්තක් ඇති නොවීය .
නමුත් රූගත කිරීම් කිරීමට අවශ්‍ය වූ බැවින් ඇය එම තරුණයා ට තාවකාලිකව කැමැත්ත ප‍්‍රකාශ කර තිබිණ. එලෙස තාවකාලිකව
කැමැත්ත ප‍්‍රකාශ කරන්නට සිදුවූයේ එම තරුණයා උදයන්තිට ආදරය ඉල්ලා පිහියක් වැනි ආයුධයක් පෙන්වමින් ඇයව අපහසුතාවට මෙන්ම බියට පත් කිරීමෙනි.
උදයන්ති පවසන්නේ එම තරුණයා මන්ද ආබාධිත තරුණයෙකු නිසා ඇයට වත් අනෙක් කිසිවකුටත් කිසිවක් කිරීමට නොහැකි වූ බවයි. ආදරය පෙන්වා රූගත කිරීම් අවසන් කොට ගෙන ඇත්තේ ඉතා අමාරුවෙන් බව ද උදයන්ති කොපි චැට් වැඩ සටහනට එක්වෙමින් පසුගිය දා ප‍්‍රකාශ කළාය.

0 comments for " පිහියක් පෙන්වා උදයන්තිගෙන් ආදරය ඉල්ලලා උදයන්ති කැමති වෙලා"
Leave a reply