ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ඇමරිකාවට දැවැන්ත ටොනාඩෝවක්, මියගිය පුදගලයින් සංඛ්‍යව 91ක් දක්වා ඉහළ-දේපල රැසක් අහිමියි

ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයට බලපෑ ටොනාඩෝව හේතුවෙන් මියගිය පුදගලයින් සංඛ්‍යව 91ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස අතර ළමුන් 20 දෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ටොනාඩෝව නිසා තුවාල ලැබූඅවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඉන් 70දෙනෙකු පමණ ලමයින් බව සඳහන්ය.
මේ අතර ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් ඔක්ලහෝමා
ප්‍රාන්තයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම දැවැන්ත ටොනේඩෝව සැතපුමක් පමණ විශාල වූවක් වන අතර ඉන් ඔක්ලහෝමා අවට නිවාස රැසක් පොළවට සමතලා වී ඇත.

මෙහි ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තාවල සඳහන්ය.

Posted in: ,

0 comments for " ඇමරිකාවට දැවැන්ත ටොනාඩෝවක්, මියගිය පුදගලයින් සංඛ්‍යව 91ක් දක්වා ඉහළ-දේපල රැසක් අහිමියි"

Leave a reply