ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කොලඹ නයිට් ක්ලබ්වල පාකිස්තාන මත්පෙති


සංවිධානාත්මක පාකිස්තාන ජාතිකයන් පිරිසක් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැුගෙන එද්දී රේගුවට අසු වූ මානසික රෝගීන් සඳහා දෙනු ලබන පෙති වර්ගය ඇතැම් සමාජශාලාවල ඩිස්කෝ ඩාන්ස්වල යෙදෙන පුද්ගලයන්ද පාවිච්චි කරන බවට රේගු බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.
රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කෙළේ මේ පෙති වර්ගය පාසල් සිසුන් අතරට මෙන්ම සමාජශාලා වෙතද යන බවට තොරතුරු ලැබී ඇති බවයි. කටුනායක ගුවන් තොටුපොළෙන් නීතිවිරෝධීව මෙරටට බෙහෙත්
තොග සහ මත්ද‍්‍රව්‍ය ගෙන ඒමේ ප‍්‍රවණතාව වැඩි වී ඇති හෙයින් ඊයේ සිට ඉන්දියාව සහ කරච්චියේ සිට පැමිණෙන ගුවන් මගී පරික්ෂාව වැඩිකර ඇති බවද ඔහු පැවැසීය.

Posted in:

0 comments for "කොලඹ නයිට් ක්ලබ්වල පාකිස්තාන මත්පෙති"

Leave a reply