ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ලෙබනන් ගිය කත කෑලි කපා මරලා... අත් දෙක හා නාභියෙන් යට කොටස නෑ... සාහසික ඝාතනයක්

ගෘහ සේවිකාවක් වශයෙන් ලෙබනනයේ රැකියාවට ගොස් සිටියදී අත් පා හිස කඳ වෙන්කර අමානුෂික ලෙස ඝාතනය කර තිබූ ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුරක් 05 දා  කටුනායක ගුවන්තොටුපළට එවා ඇත....
ලෙබනන් රටේ සිට එසේ එවන ලද අර්ධ කොටසකින් යුක්ත එම කාන්තා මළ සිරුර පිළිබඳ මීගමුව රෝහලේ දී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ හිසට තදබල ලෙස පහර දී මෙම මරණය සිදුකර තිබෙන බවයි. එලෙස එවන ලද කාන්තා මළ සිරුරේ අත් දෙක තිබී නැත. නාභියෙන් යට කොටස ද නැත.

මෙ බව දකින්නට ලැබී ඇත්තේ ඊයේ සවස මීගමුව මහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෘත දේහය බහා මෙරටට එවා තිබූ පෙට්ටිය විවෘත කිරීමේදීය. මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ.දයාපාල මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදි. ඔහු දුන් වෛද්‍ය නිගමන සැලකිල්ලට ගත් මීගමුව
නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා මෙය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවට තීන්දු කළේය.

සාහසික මරණයට ගොදුරු වී ඇත්තේ මාරවිල,තොඩුවාවේ පදිංචි වී සිටි 32 හැවිරිදි දිල්කා මදුරාණි පෙරේරා නැමැති කාන්තාවයි. මීට වසර හතකට පමණ පෙර ඇය ලෙබනනය බලා ‍ගොස් ඇත්තේ ගෘහ සේවිකා රැකියාවක් සඳහායි...ඇය මීට පෙර අවස්‌ථා ගණනාවක මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවක්‌ වශයෙන් සේවයට ගොස්‌ ඇත. එම රටවලදී ඇය තමාට නැවතීම සඳහා කාමරයක්‌ ගෙන නේවාසිකව පසුවන්නීය. ඇය එකම නිවසක නොව නිවෙස්‌ ගණනාවක වරින් වර සේවය කරනු ලබයි.ඇගේ කාමරයේ ඇගේ තනි නොතනියට හලාවත පම්බල ප්‍රදේශයේ පදිංචි අනුශා නමැති තරුණියක්‌ ද නතරව සිට ඇත. පසුගිය අප්‍රේල් මස 21 දින සිට ඩිලිකා මධුශානි නමැත්තිය සිය නේවාසිකාගාරයෙන් අතුරුදන්ව ඇති බවට අනුශා නමැත්තිය විසින් ලෙබනන් පොලිසියට පැමිණිලි කොට ඇත.

පසුව අතුරුදන්වූ ඩිලිකා මධුශානිගේ සිරුර කුණුගොඩක තිබී ලෙබනන් පොලිසිය (26 දා) සොයාගෙන ඇත. ඒ වන විට අතුරුදන්ව සිටි ඩිලිකා මධුශානිගේ සිරුර කැබලි කැබලිවලට වෙන් කොට තිබී ඇත. අත්පා, ශරීරය, හිස සහ කඳ කොටස්‌ වශයෙන් වෙන් කර තිබී ඇත. පසුව (5 දා) ශ්‍රී ලංකාවට එවා ඇත්තේ මියගිය කතගේ හිස සහ කඳ කොටස පමණකි.

ඇගේ දෙමව්පියන් මහලුය. මවගේ සහෝදරිය (පුංචි අම්මා) සහ ඇගේ සැමියා යන දෙදෙනා ද අන්ධය. ඔවුන්ට රැකවරණය ලබා දෙමින් ජීවත් කරවා ඇත්තේ මියගිය දිල්කා විසින් බව පැවසේ. මීට මාස දෙකයි දින හතකට පමණ පෙර ඇය හදිසි අනතුරකින් මියගිය බව දැන ගන්නට ලැබී ඇති අතර එතැන් සිට මළ සිරුර මෙරටට ගෙන්වා ගන්නට ඇගේ මව්පියන් ඇතුළු ඥාතීන් බොහෝ උත්සහ දරා තිබේ. එහි ප්‍රතිපලයක් වශයෙන් මළ සිරුර ඊයේ මෙරටට ලැබී ඇත.

Posted in:

0 comments for "ලෙබනන් ගිය කත කෑලි කපා මරලා... අත් දෙක හා නාභියෙන් යට කොටස නෑ... සාහසික ඝාතනයක් "

Leave a reply