ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

හම්බන්තොටටත් විදුලි සැර වදී

හම්බන්තොට ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ පසුගිය බ්‍රහස්පතින්දා සිට විදුලි විසන්දි කර ඇති අතර එහි රාජකාරී කටයුතු සඳහා පැමිණෙන ජනතාව මහත් අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වේ.

රුපියල් ලක්ෂයකට අධික විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් මණ්ඩලය විසින් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ විදුලි විසන්ධි කොට තිබේ. කාර්යාල නඩත්තු සඳහා අත්‍යාවශ්‍ය ප්‍රතිපාදන නොලැබීමෙන් මෙම තත්වය උදා වී ඇති බව වාර්තා වේ.

රාජ්‍ය ආයතන මධ්‍යගත කරමින් පසුගියදා
ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලද හම්බන්තොට දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ල ආසන්නයේ මෙම ‍ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය පිහිටා ඇත.

Posted in:

0 comments for "හම්බන්තොටටත් විදුලි සැර වදී"

Leave a reply