ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කෝටි එකහමාර කප්පමේ මහ මොළකරු රාළහාමි කෙනෙක්

රෑන්ඩ්පාස් හී පදිංචිව සිටින ව්‍යාපාරිකයෙකු වනවාසලදී පැහැර ගෙන ගොස් දින 16ක් සිරකර ගෙන රුපියල් කෝටි එකහමාරක කප්පමක් ගන්නට උත්සහ දැරූ කල්ලියේ මහ මොළකරු වන හිටපු ‍පොලිස් කොස්තාපල්වරයෙක් කොළඹ අපරාධ කොට්ඨාශයේ විශේෂ ‍පොලිස් කණ්ඩායමක් ඔහුගේ ගෝලයෙක්ද සමග 09 අත්අඩංගුවට ගනු ලැබිය.
පොලිසියට කට්ටි පනීමින් සැඟ වී සිටි මෙම කොස්තාපල්වරයා කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ‍පොලිස් මුර‍පො‍ලේ සේවය කරමින් සිටියදී සේවයට වාර්තා නොකිරීම නිසා සේවය අතහැර ගියා සේ සැලකූ අයෙක් බව ‍පොලිසිය කියයි. පොලිස් බුද්ධි අංශයේ සහ රහස් ‍පොලිසියේ සේවය කරන්නෙක් ලෙස පෙනී සිටි මේ නිලධාරියා නිධානයක් හෑරීමේ සූදානමින් පූජාවක් පවත්වන්නට මහියංගන ,මුතියංගනය විහාරයට ගොස් සිටියදී අත්
අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර හමුදාවෙන් පළාගිය සෙබලු දෙදෙනෙක්ද සිටින බව ‍පොලිසිය කියයි. ව්‍යාපාරිකයාව පැහැර ගැනීමෙන් අනතුරුව මෝටර් රථයක ඩිකියේ ඔහුව සිර කරගෙන ඔවුන් රට පුරාම සැරිසරා ඇතැයිද ‍පොලිසිය කියයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති අනුර සේනානායක, නියෝජ්‍ය ‍පොලිස්පති එස්.ඒ.ඩී.එස්.ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙසින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

Posted in:

0 comments for "කෝටි එකහමාර කප්පමේ මහ මොළකරු රාළහාමි කෙනෙක්"

Leave a reply