සෑම තරුණයින් 10 දෙනෙකුගෙන් 7 දෙනෙක් රට හැර යනවා
තාරුණ්‍යයට හෙටක් තරුණයන්ට සුභ අනාගතයක් කියා තරුණ තරුණියන් රැවටීමේ
ප්‍රෝඩාවකට ලක් කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කිරීම නිසා රටේ තරුණයන් 10
දෙනෙකුගෙන් 7 දෙනෙකුම රට හැර යාමේ උත්සාහයක නිරතවන බව යොවුන් පෙරමුණේ
සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජේවර්ධන මහතා සදහන් කළේය.
සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ආණ්ඩුව තරුණ තරුණියන්ට හොද හෙටක් හදන බව කිව්වත් උපාධිය ලබාගත් තරුණ තරුණියන්ට මේ ආණ්ඩුව ලබාදී තිබෙන්නේ ගම්වලට ගොස් ඇට පැකට් බෙදීමේ හොදක් බවද ඔහු පවසා සිටියේය.
මීට අමතරව උසස් අධ්‍යාපනය ලබන තරුණ තරුණියන්ට රජයක් විසින් ලබදිය යුතු වරප‍්‍රසාද අහිමිකර තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට පවා මේ
ආණ්ඩුව කටයුතු කර තිබෙන බවද රුවන් විජේවර්ධන මහතා සදහන් කළේය.
අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට අමතරව අධ්‍යාපනය ලැබූ තරුණ තරුණියන්ට සුදුසු රැකියා අවස්ථා උදාකර නොදීම නිසා තරුණ තරුණියන් මේ රට හැරයාමේ තත්ත්වයකට පත්ව තිබෙන බවද විජේවර්ධන මහතා සදහන් කළේය.
රටක් ගොඩ නැගීමට සිටින තරුණ තරුණියන් මෙලෙස රට හැර යාම තුළින් තරුණ තරුණියන්ගෙන් ලබාගත යුතු බොහෝ දේවල් අප රටට අහිමිව තිබෙන බවද විජේවර්ධන මහතා අවධාරණය කළේය.

0 comments for "සෑම තරුණයින් 10 දෙනෙකුගෙන් 7 දෙනෙක් රට හැර යනවා"
Leave a reply