ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

භාරත ලක්ෂ්මන් පවුලත් චන්ද්‍රිකා සමඟ දේශපාලනයට


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමඟ ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බව ඝාතනයට ලක්වූ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පවුලේ ඥාතීන් පවසා තිබේ.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සමඟ තමන් වර්තමාන ආණ්ඩුවට උපරිම සහයෝගය ලබා දුන්නද, තමන්ට වර්තමාන ආණ්ඩුවෙන් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවද ඔවුන් අවධාරණය කර ඇත.

පසුගිය දිනෙක කුරුණෑගලදී
පැවැති ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක රංජිත් නවරත්න මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී අදාළ ඥාතීන් මෙලෙස පවසා ඇති අතර, ඔවුන් සමඟ ජයරත්න හේරත් ඇමැතිවරයා ඇතුළු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨයන් පිරිසක්ද සිට ඇත.

Posted in:

0 comments for "භාරත ලක්ෂ්මන් පවුලත් චන්ද්‍රිකා සමඟ දේශපාලනයට"

Leave a reply