අපි සාකච්චා කලේ ‘හොඳ’ දෙමළ ඩයස්පෝරාව එක්කයි

තමන් වහන්සේලා ඇතුළු පිරිස නෝර්වේ යාම පිළිබඳ කිසිවකුත් ප‍්‍රශ්ණයක් කර ගත යුතු නැතැයි බොදු බල සේනා සංවිධාන පවසයි.
එහි මහ ලේකම් ගලබොඩ අක්කේ ඥාණසාර හිමියන් මේ බව සඳහන් කලේ ඊයේ කෑගල්ලේ පැවති එහි වාර්ෂික සමුළුව අමතමිනි.
නෝර්වේදී තමන් වහන්සේලා දෙමළ ඩයස්පෝරාවේ ‘හොඳ’ කණ්ඩායම හමුව සාකච්චා කල බවත් ඒ උතුරු පළාතේ අසරණ දෙමළ ජනයාට සහන සැලසීම පිළිබඳව බවත් කී උන් වහන්සේ පසුව ‘නරක’ ඩයස්පෝරාව මැදිහත් වී එම සියල්ල ව්‍යවර්ථ කල බවද කීහ.
පසුගිය දිනවල තමන් වහන්සේලා ඇමරිකාවේ ගිය චාරිකාවේදී ගත් පින්තූර අන්තර්ජාලයේ ප‍්‍රචාරය වී ඇති බවත් කී උන් වහන්සේ ඇමරිකාවේදී කන්නේ ගෑරුප්පුවෙන් නොවේ නම් සවලෙන්දැයි ඇසූහ.
තම සංවිධානය කිසිදු ත‍්‍රස්තවාදී සංවිධානයක් නොවන බවද
කී උන් වහන්නේ තමන්ට විරුද්ධව කිසිදු පොලීසියක පැමිණිල්කවත් නැතැයිද කීහ.
විමල් වීරවංශ අමාත්‍යවරයාට උන් වහන්සේ තදබල ලෙස කියා සිටියේ තමන් වහන්සේලාගේ සංවිධානය රට වෙනුවෙන් කල මහා කාර්යභාරයෙන් අලූක්කාලක්වත් කර ඇතිනම් කියන ලෙසයි.
කෙසේ වෙතත් මේ දිනවල රටේ උණුසම් මාතෘකාව වී ඇති පොලිස් ඉඩම් බලතල සහිතව උතුරු පළාත් සභා මැතිවරණය තැබීම සම්බන්ධයෙන් උන් වහන්සේ කිහිවක් කීවේ නැත.
0 comments for "අපි සාකච්චා කලේ ‘හොඳ’ දෙමළ ඩයස්පෝරාව එක්කයි"
Leave a reply