ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ගුරුවරියක් හා සිසු පෙම්වතා තවත් ගුරුවරියකගේ බැංකු ගිණුමෙන් ලක්ෂ ගණනක් හොරාට අරන්


පාසල් ගුරුවරියකගේ බැංකු ගිණුමකින් රුපියල් 3,80,000/- ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් පාසල් ගුරුවරියක හා ඇගේ පෙම්වතා බව කියන අ.පො.ස. (උ.පෙ.) සිසුවෙකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය වරාය පොලිසිය කියයි.

මෙම පාසල් ගුරුවරියන් දෙදෙනා එකම නවාතැනක සිට පාසල් දෙකක සේවය කරන ගුරුවරියන් දෙදෙනෙකි.

පැමිණිලිකාර පාසල් ගුරුවරියගේ බැංකු ගිණුම් පොත සොරකම් කර ඉන් සූක්ෂම ලෙස අත්සන් යොදා රුපියල් 3,80,000/- ක් වංචා කළ සැකකාර ගුරුවරිය කුණ්ඩසාලේ පාසලක ඉගෙනුම
ලබන පෙම්වතාගේ ගිණුමට බැර කර ඇතැයි පොලිසිය කියයි.

මෙම සිද්ධිය නොදත් බැංකු පාස්පොත හිමි ගුරුවරිය ගිණුමේ මුදල් අඩු බව දැනගෙන ඒ බව වරාය පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ අනුව ක්‍රියාත්මක වූ වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි බී.නාරම්පනාව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් අංජුල යන මහත්වරුන් අධිකරණ නියෝග මත බැංකු කැමරා පද්ධතියේ රූගත සටහන්වලට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් වලදී මෙම කරුණු අනාවරණය වීය. මේ අනුව කුණ්ඩසාලෙ දී සැකකාර පාසල් පෙම්වතාද අත්අඩංගුවට ගත් අතර වංචා සහගතව ලබා ගත් මුදලින් පෙම්වතා මිලට ගත් යතුරුපැදියද අත්අඩංගුවට ගනු ලැබීය.

Posted in:

0 comments for "ගුරුවරියක් හා සිසු පෙම්වතා තවත් ගුරුවරියකගේ බැංකු ගිණුමෙන් ලක්ෂ ගණනක් හොරාට අරන් "

Leave a reply