දැරිය දූෂණය කළ පෙම්වතාට සහ ඇෆ්ගන් ඉන්ජිනේරුවරයාට ඇප
අබ්දුල් සාහිම් නමැති සිසුවකු සහ මොහොමඩ් අන්වර් නමැති ඇෆ්ගනිස්තාන් ඉන්ජිනේරුවරයකු මෙසේ ඇපමත මුදා හැරිණි.පාසල් සිසුවා විසින් තම දහසය හැවිරිදි පෙම්වතිය දෙහිවල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළදී දූෂණය කර පසුව ඇයව ඇෆ්ගනිස්තාන් ඉන්ජිනේරුවරයාට
දූෂණය කිරීමට ලබාදුන් බවට ඇය විසින් දෙහිවල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරිණි.
සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල සහ ගීත්මා ප්‍රනාන්දු මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් මෙම පාසල් සිසුවා ලන්ඩන් සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින බවටත් මොහු තවදුරටත් බන්ධනාගාර ගත කළහොත් ඔහුට විභාගයට පෙනී සිටීමට නොහැකි වන බවටත් කරුණු දැක්වීමෙන් අනතුරුව මෙසේ ඇප නියම කෙරිණි.
.jpg)
0 comments for "දැරිය දූෂණය කළ පෙම්වතාට සහ ඇෆ්ගන් ඉන්ජිනේරුවරයාට ඇප"
Leave a reply