ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි වෙනිසියුලා ජනාධිපති චෝදනා කරයි.


කොලොම්බියාවේ හිටපු නායක අල්වාරෝ උරිබේ ,(ඇල්වරො Uරිබේ තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක නිරත වෙමින් ඇතැයි, වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ චෝදනා කරයි.

අල්වාරෝ උරිබේ , වෙනිසියුලාවේ දක්ෂිණාංශිකයන් සමඟ එක්ව තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක නිරත වෙන බවට චෝදනා කළත්, ජනාධිපති මදුරෝ එම චෝදනාව සනාථ කෙරෙන සාක්ෂි මොනවාද යන්න පැහැදිලි කොට නැත.

මේ අතර, උරිබේ විසින් ජනාධිපති මදුරෝගේ ප්‍රකාශය බැහැර ලන ලද්දේ,
එය කෘර ඒකාධිපති පාලනයකින් එල්ල කෙරෙන පදනමක් නැති චෝදනාවකැයි විග්‍රහ කරමින්.

හිටපු ජනාධිපති හියුගෝ චාවේෂ්ගේ අභාවයෙන් පසු විවාදයකට ලක්ව පවතින ජනාධිපතිවරණයකින් පදවිය දිනා ගත් නිකොලස් මදුරෝ, තමාට එරෙහිව සිදු කෙරෙන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් අවස්ථා කීපයකදීම චෝදනා එල්ල කොට තිබේ.

Posted in:

0 comments for "තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි වෙනිසියුලා ජනාධිපති චෝදනා කරයි."

Leave a reply