ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මාරාන්තික විෂ සහිත රෙදි සෝදන කුඩු වර්ගයක්


වෙළෙඳ නාමයක් නොමැතිව ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදනය කරන මාරාන්තික විෂ සහිත රෙදි සෝදන කුඩු වර්ගයක් ගම්වල අලෙවි කෙරෙන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස ධූලවේදය හා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. මෙම රෙදි සෝදන කුඩු වර්ගය පැකට් වර්ග දෙකකින් සමන්විත බවත් එය ආහාර ජීරණ පද්ධතියට ඇතුළු වුවහොත් මරණය පවා සිදුවිය හැකි බවත් විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සඳහන් කරයි. ඉකුත් කාලයේදී දකුණු පළාතේ විශාල පිරිසක් මෙම රෙදි සෝදන කුඩු ආහාර ජීරණ පද්ධතියට ඇතුළු වීම නිසා මරණයට පත්ව, තවත් පිරිසක් රෝහල් ගත කළ බවද වෛද්‍යවරයා කීය. රෙදි සෝදන කුඩු වර්ගය කෙතරම් උග්‍ර විෂ සහිත දැයි කිවහොත්
බොහෝ පිරිසක් රෝහල් ගත කිරීමට පෙර මරණයට පත්ව ඇති බවද හෙතෙම පවසයි. මේ පිළිබඳව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය පාරිභෝගික කටයුතු අධිකාරියටද පැමිණිලි කර ඇත. උග්‍ර විෂ සහිත මෙම රෙදි සෝදන කුඩු වර්ගය පිළිබඳ යම් තොරතුරක් ඇතොත් හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය වෙතොත් 0112-686143 යන දුරකථන අංකයට කාර්යාල වේලාවන්හි අමතන ලෙසද විශේෂඥ වෛද්‍ය ගුණතිලක වැඩිදුරටත් කීය.

මිහිරි ෆොන්සේකා

Posted in:

0 comments for "මාරාන්තික විෂ සහිත රෙදි සෝදන කුඩු වර්ගයක්"

Leave a reply