කොටි මැයි රැළියේදී ජාතික කොඩිය විකෘති කර බුදුන් වහන්සේට අපහාස කරයි
එම මැයි රැලියේ ඡයාරූප එල්.ටි.ටි.ඊ.වෙබ් අඩවිවලද පළ කර තිබේ.
අදාළ ඡයාරූපවලට අනුව ජාතික කොඩිය විකෘති කොට ඊට ආගම්වාදය ඇතිවන අයුරින් බුදුරදුන්ගේ රුව යොදා ඇත්තේ ජාත්‍යන්තර කොටි ජාලයේ අවශ්‍යතාවයට බව සඳහන්ය.
නෝර්වේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව නමින් පැවැත්වූ මෙම මැයි රැලියට පැමිණි කොටි හිතවාදින් ඊළාම් කොඩි රැගෙන ඔස්ලෝ නුවර පෙළපාලි ගොස් ඇත.
දෙමළ ඊළමක් පිහිටුවීමට සහය වන්නැයි ඉල්ලමින් ඔවුන් පෙළපාලියමින් නෝර්වේ ජනතාව දැනුම්වත් කර තිබේ.

0 comments for "කොටි මැයි රැළියේදී ජාතික කොඩිය විකෘති කර බුදුන් වහන්සේට අපහාස කරයි"
Leave a reply