ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති වංචා නැති රනිල්ට රට භාරදිය යුතුයි


මෙරට රාජ්‍ය නායකත්වයට සුදුසුම පුද්ගලයා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා බව ජාතික නීතීඥ සංගමයේ සභාපති නීතීඥ තිලක් මාරපන මහතා පවසයි.
රටක නායකත්වය හෙබවීමට දුරදක්නා නුවණක් ඇති, ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති වංචා, හොර බොරු නැති, බුද්ධිය, පරිකල්පන ඥානය මෙන්ම දේශපාලන අත්දැකීම් ඇති එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා ‍බව හෙතෙම කියයි.
ජාතික නීතීඥ සංගමයේ 40 වැනි සංවත්සරය 04දා  කොළඹදී පැවැති අතර ඊට එක්වෙමින් තිලක් මාරපන මහතා මේ බව පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාට මුදල් වංචා කළ බවට චෝදනා නැති බවත් ජාත්‍යන්තර පිළිගැනීමක් ඇතිව රට සංවර්ධනය ක‍ළ හැක්කේ ඔහුට බවද එහිදී මාරපන මහතා සඳහන් කළේය.
වත්මන් පාලනය යටතේ ජනතාව දූගී දුප්පතුන් බවට පත්කර ඇති බව හෙතෙම පෙන්වාදුන්නේය.
හම්බන්තොට මාර්ග ලැම්බො ගිනි රේස් පවත්වන මට්ටමට
විශාල කරමින් ආණ්ඩුව ජනතාව ණය බරින් පීඩාවට පත්කර ඇතැයි ඔහු සඳහන් කළේය.
ගුවන් තොටුපළ, මහා මාර්ග, වරාය හදනවා යැයි පවසමින් ‍රට සැණකෙළියක් බවට පත් කර ඇති මුත් ආයෝජකයින් මෙරටට නොපැමිණෙන බවද අමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර රටවල් ශ්‍රී ලංකාව නොසලකා හරින මට්ටමකට පත්ව ඇති බවද හෙතෙම කියා සිටියේය.
මෙවන් වාතාවරණයක් යටතේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ලංකාවේ සිටින එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බැවින් මෙම ආණ්ඩුව පළවා හැර ඔහුට රට භාරදීමට පියවර ගත යුතු බව තිලක් මාරපන මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා පැවසුවේ මාධ්‍යවේදීන් සිටි‍න්නේ ආණ්ඩුවේ සාක්කුවේ බවයි.
වෘත්තීය සමිති නායකයින් පවා ආණ්ඩුවේ පදයට නටන බවද රාජපක්ෂ රෙජිමය පළවා හැර 2014 දී ආණ්ඩු මාරුකරන ඡන්දයක් ගත යුතු බවද ඔහු කියා සිටියේය. එය ස්ථීරවම කළ යුතු බවද විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Posted in:

0 comments for "ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති වංචා නැති රනිල්ට රට භාරදිය යුතුයි"

Leave a reply