ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පොලිස් නම් කාකි පමණමය


පොලිස් කාකි වර්ණයෙන්ම මිස වෙනත් කාකි නිල ඇඳුම් නොඅදින ලෙසත් පොලීසියට මාරු වී එන පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් එම බළකායේ නිල ඇඳුමෙන් රාජකාරී කිරීම තහම් කරමිනුත් පොලිසිපති එන්. කේ. ඉලංගකෝන් මහතා චක්‍රලේඛයක් මගින් පොලීසියේ සාමාජිකයන්ට නියෝග කරයි.

උප පරීක්ෂකවරුන්ගෙන් පහළ නිලයන්හි සාමාජිකයන් පොලීසියෙන් නිකුත් කරන පොලිස් කාකි රෙදි පමණක් නිල ඇඳුමට යොදාගත යුතු බවත් ඉන් ඉහළ නිලයන්හි සාමාජිකයන් පෞද්ගලිකව නිල ඇදුම් මසාගන්නේ නම් එම ඇඳුම් වල පැහැය පොලීසියෙන්
නිකුත්කරන ඇඳුමේ පැහැයම විය යුතු බවත් එම දක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

පෞද්ගලිකව මසා ගන්නා නිල ඇඳුම් කාකි වුවත් එහි පාටෙහි වෙනස්කම් ඇති බවත් නිල ඇඳුමේ පැහැය හා නිල ඇඳුම හරිහැටි පාවිච්චි නොකිරීම නිසා පොලීසයට ප්‍රශ්න රැසක් මතුවී ඇති බවත් පොලිස්පතිවරයා පවසයි. මේ ගැන නිරන්තර සෝදිසියෙන් සිටින ලෙස ඔහු ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී වරුන්ට නියෝග කර තිබේ.

Posted in:

0 comments for "පොලිස් නම් කාකි පමණමය"

Leave a reply