ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අසාධාරණ නායකයාට පාඩමක්

සත්ව ලෝකයේ චිම්පන්සින්ගේ නායකයාගේ අණට අවනත වීම සම්ප්‍රදායක් වුවත් නායකයා සිදු කළ අසාධාරණයකට එරෙහිව සෙසු චිම්පන්සින් නායක චිම්පන්සියාට පහරදී හපා කා පොලොවේ ගසා මරා දැමීමේ අසාමාන්‍ය සිදුවීමක් ටැන්සානියාවෙන් වාර්තා වේ.
පිමු වර්ගට අයත් චිම්පන්සි රැලේ නායක චිම්පන්සියා තම කණ්ඩායමේ සිටි දෙවැනියා ලෙසට සැළකෙන චිම්පන්සියාට පහර දුන්නේය.
පහර කෑ දෙවන නායකයා රැලෙන් පලා ගියේය.
මේ සිදුවීම බලා සිටි
සෙසු චිම්පන්සින් නායකයා දෙසට කඩා පැන හපා කමින් උස්සා 23 වතාවක් පොළොවේ ගසා මරා දැමීය.
වනයේ සතුන් ගැන අධ්‍යයනයකට ගොස් සිටි බ්‍රිතාන්‍යයේ කැන්ටබරි විශ්ව විද්‍යාලයයේ සත්ව විද්‍යා පරීක්ෂකයන්ට දැක ගත හැකි විය.

Posted in:

0 comments for "අසාධාරණ නායකයාට පාඩමක්"

Leave a reply