වැඩියෙන් කැමැති සිගරට්ද? අරක්කුද? - - අර්ජුන කමලනාත්....ඔය තරම් කිපෙන්නේ අර්ශස්ද? - රජිත හිරාන්
ඔය තරම් කිපෙන්නේ අර්ශස්ද? - රජිත හිරාන්
අර්ජුන කමලනාත් කියන්නේ කවුද...?
කියන්න ඕන දේ හරියට කෙළින්ම කියන, වෙලාවට වැඩ කරන්න කැමැති නිදහසේ ජීවත් වෙන්න බොහොම කැමැති ඉතාම සරල පුද්ගලයෙක්.
ඇත්තටම කලාකරුවා කියන්නේ කාටද...?සංවේදී හිතක් තියෙන බොහොම ආදරණීය චරිතයක්. කලාකරුවා මවන්නේ දෙයියෝ... සල්ලිවලටවත්, බලපුළුවන්කාරකමවත් කලාකරුවෙක් වෙන්න බෑ...
ප්‍රවීණ කලාකරුවා සහ නවක කලාකරුවා අර්ථ දක්වන්නේ කොහොමද...?
ප්‍රවීණයි කියන්නේ නම් අද වැඩිපුරම ඉන්නේ ඒපබඪඵබ ලා මිසක් වැඩක් කරපු අය නෙවෙයි. නිසා තමයි අද අමාරුවෙන් ඇදගෙන යන තැනට සිනමාව පත්වෙලා තියෙන්නේ.
ජනප්‍රිය නළුවා, නිළිය සම්මානය ගන්න අය ඇත්තටම ජනප්‍රියද?
ඒක බලාගන්න පුළුවන් ඒ අය දාලා චිත්‍රපටයක් කරපු දවසට. පසුගිය කාලෙත් ඒ අය දාලා චිත්‍රපට කරලා වෙච්ච දේ අපි දැක්කනේ...
මුල් කාලේ සමහර සමාජ සේවකයෝ විදියට පෙනී සිටින අය පසුකාලේ දේශපාලනයට එනවා... ඔබත් මේ දවස්වල හොඳ සමාජ සේවකයෙක්. ඒ කියන්නේ ඔබේ දේශපාලන ආගමනයත් අත ළඟද?
පසුගිය කාලේ කට්ටිය මී කැඩුවේ අත ලෙවකන්න නෙවෙයිනේ... අපි
ඒක අද ඇස් පනාපිට දකිනවානේ. ඒත් මේ අර්ජුන ඊට වෙනස්. මං ගැන දැන දැනම උඹ ඔහොම අහන එක හරිද මලේ.
විවාහ දෙදරායෑම් පෙම් පටලැවිලි කලාකරුවන් වූ අපේ ජීවිතවලට විතරක් උරුම දෙයක්ද?
ඔය හැම දෙයක්ම වෙන්නේ කලාකරුවො වූ අපි සංවේදී වුණ නිසානේ. ලංකාවේ දවසකට දික්කසාද නඩු කීයක් කතා කරනවාද? ඒ අතරින් නළු නිළියන්ගේ දික්කසාද නඩු කීයෙන් කීයද තියෙන්නේ... ජනප්‍රිය වීම නිසා අපේ ජීවිත හැමෝටම විවෘත වුණාට සාමාන්‍ය ජනතාවත් අපිට වඩා වෙනසක් නෑ මලේ...
හිටි හැටියේ වහා කිපෙනසුළු චරිතයකට ආරෝපණය වෙන්නේ අර්ශස් නිසාද? නැත්නම් වෙන අවුලක් නිසාද...?අර්ශස් නම් නෑ... ඇත්ත... පාරට බැස්සම මට කේන්ති යනවා වැඩියි. ඒ මම නීතිගරුක වෙලා අනිත් අය මාර්ග නීති කඩනකොට. ඒ විතරක් නෙවෙයි මේ දවස් වලත් චිත්‍රපට කර්මාන්තය තමන්ගේ බූදලය කියලා හිතාගෙන ඒ විදියට වැඩකරන උන් දැක්කහමත් මේ දවස්වල මගේ ලේ කෝප වෙනවා.
ජීවිතයට ආදරය අත්‍යවශ්‍යයි. ආදරයට විවාහය අත්‍යවශ්‍යද?
අපෝ නෑ... විවාහය කියන්නේ ආදරයේ කෙළවර. ඒ අවසානය දකිනවාට වඩා හොඳයි විවාහ නොවී ආදරය කරන එක. පේනවානේ මල්ලී උඹට වෙචච දේ.
ලංකාවම ආදරය කරපු ජනප්‍රිය නළුවෙක්ගේ පෙනුම ඔබට තිබිලත් සමහර අධ්‍යක්‍ෂවරු ඔබත් එක්ක මේ තරම් තරහා ඒ නළුවා එක්ක තිබුණු අවුලක් නිසාද? නැතිනම් ඔබේ අවුලක් නිසාද?
සමහර විට අර මුලින් කියපු දේ නිසාත් වෙන්න ඇති. කොහොම වුණත් කුහකකම, වෙන මොකක්වත් නෙවෙයි.
සිනමාවේ වීර චරිත නිරූපණය කරන ඔබ සිනමාව සුරැකීමේදී මොනවගේ වීරයෙක්ද?
සිනමාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම කැපකිරීමක්ම කරනවා. මගේ කෙරුවාවල් ගැන කාටත් වඩා උඹ දන්නවනෙ මල්ලි...
වැඩියෙන් කැමැති සිගරට්ද? අරක්කුද? - - අර්ජුන කමලනාත්
ඉස්කෝලේ යන කාලේ කරපු අප්සට් වැඩ මොනවාද...?
ප්‍රධානම අප්සට් වැඩේ ඉගෙනීමට තැන දුන් නැති එක. අනිත් එක තමයි හේතු ඇතුවත් නැතුවත් වලිවලට පැටලෙන එක සහ අනිත් අයවත් පටලවා ගන්න එක.
වැඩියෙන්ම කැමැති සිගරැට්ද? අරක්කුද...?
දෙකටම එක වගේ ආදරෙයි. හරියට දරුවො දෙන්නෙක්ට වගේ.
අනුරුද්ධ ජයසිංහගේ 'තට්ටු ගෙවල්' නාට්‍යයේ පිංපොංගේ චරිතයට තෝරානොගෙන ඔබ නළුවෙක් නොවුණා නම් අද ඔබ කවුරු වෙයිද...?
ෂුවර් එකටම සෙට් ගාණේ ඇවිදින පික්චර් පිස්සෙක්. එහෙමත් නැතිනම් කුඩුකාරයෙක්. හැබැයි ඉගෙන ගන්න එක හරියටම කළා නම් නීතිඥයෙක් වෙන්නත් බැරි නෑ.
ඉස්කෝලේ යන කාලේ ඉන කීයද...?
26යි. ලොකු අයට තියෙන ඩෙනිම්වල පුංචිම සයිස් එක 27. ඉතින් මම ලොකු වෙලත් ඇන්දේ පුංචි එවුන්ට තියෙන ඩෙනිම්. ඒ වයේ තියෙන මල් ගලවලා, කාටුන් වහලා අඳින්න කලිසමක් හදාගන්නේ හරි අමාරුවෙන්.
ක්‍ෂේත්‍රයේ හොඳම මිතුරා කවුද...?
දුකටත්, සැපටත් දැන් කාලෙක ඉඳන් ඉන්නේ දැන දැනම ඔය ප්‍රශ්නෙ මගෙන් අහපු අර්ජුන කමලනාත්ම තමයි.
ලංකාවේ පවත්වන සම්මාන උළෙලයන් ගැන මොකද හිතෙන්නේ...?
ලංකාවේ සම්මාන උළෙලවල් තියෙනවාද? මට නම් ඔය සම්මාන උළෙල කියලා තියන ඒවා තනිකරම ගොං පාට් එකක්. විහිළුවක්. කට්ටියක් එකතුවෙලා තමන් කැමැති කැමැති අයගේ හිත් සතුටු කරන්න කරන වැඩක්.
වර්තමාන ටෙලි වැස්ස ගැන අදහස...?
ඒ කාලෙ හිටියේ සීමිත නළු නිළි පිරිසක්. අද කාලේ අසීමිත නළු නිළි පිරිසක් ඉන්නවා... ඒ අයට වැඩ තියෙන්න නම් ටෙලි වැසි වහින්න ඕනෑ... ඒත් දැන් වහින විදියට සීමාව ඉක්මවා වැස්සොත් නම් ගංවතුරට ලෑස්ති වෙන්න වෙනවා.
ආදරණීය බිරිය ඇන්ඩ්‍රියාට ගෑනු ළමයි සම්බන්ධයෙන් කෙතරම් දුරට බොරු කරලා තියෙනවාද...?
වැඩිපුරම බොරු කරලා තියෙන්නේ ඇයට තමයි ඉතින්. මොකද අම්මා ළඟට මාත් එක්ක වැඩිපුරම කාලයක් ජීවත් වෙච්ච ගෑනු පරාණේ ඇයනේ...ක්‍ෂේත්‍රයේ නිල නොවන පෙම්වතියෝ කීදෙනෙක් ඉන්නවද...?
එදත් මම කෙල්ලන්ගේ ඩ්‍රීම් බෝයි නෙවෙයි. අදත් ඒකෙ වෙනසක් නෑ... ඒ නිසා ඔය අදහසින් කෙල්ලො මට ළං වුණෙත් නෑ... මං ළං වුණෙත් නෑ... මට තියෙන ලොකුම හීනය කවදාහරි ලංකාවේ ලොකුම කෝටිපතියා වෙන්න මිසක්, වැඩිපුරම අනියම් සම්බන්ධතා තියෙන සිහින කුමාරයෙක් වෙන්න නෙවෙයි.
ඔබ මේ රටේ ජනාධිපති නම් කොපි 35, 50 ප්‍රශ්නෙට මොකද කරන්නේ...?
මම මේ රටේ ජනාධිපති නම් මුලින්ම කරන්නේ චිත්‍රපට සංස්ථාවටත්, සභාපතිවරයාටත් අවනත නොවන මවුපියන් අන්දලා ළමයින් විකුණලා නිර්මාණ කරන ඒකාධිපති සිනමාකරුවන් හතරමං හන්දියකට ගෙනත් සරම් අන්දලා ප්‍රසිද්ධියේ ඔළුවෙන් හිටවනවා... ඊට පස්සේ තමයි ඉතුරු දේවල් ගැන හිතන්නේ.
සංවාද සටහන
හිමේෂා සවන්තී රාජපක්‍ෂ
Posted in:
අර්ජුන කමලනාත්,
රජිත හිරාන්
0 comments for "වැඩියෙන් කැමැති සිගරට්ද? අරක්කුද? - - අර්ජුන කමලනාත්....ඔය තරම් කිපෙන්නේ අර්ශස්ද? - රජිත හිරාන්"
Leave a reply