ඇමතිට තියෙන්නේ 500 යි:ගැමුණුට 20,000 ක් තියෙනවා
“පෞද්ගලික ප‍්‍රවාහන ඇමතිට තියෙන්නේ බස් රථ 500 යි. නමුත් ගැමුණු විජේරත්නට බස් රථ 20,000 ක් තියෙනවා. අමාත්‍යවරයාගේ ප‍්‍රකාශවලට වඩා අපේ ක‍්‍රියාකාරකම් බලවත්”යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. පෞද්ගලික බස් රථ හිමියන් නොයෙක් දුෂ්කරතා මධ්‍යයේ බස් සේවය පවත්වාගෙන ගියද වත්මන් පුද්ගලික ප‍්‍රවාහන අමාත්‍යාංශය අර්ධ සුඛෝපභෝගී බස් රථවලින් කප්පම් ගැනීම් සිදු කරමින් එම බස් රථ හිමියන් අසරණ කර ඇති බව පවසන ඔහු, පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍යාංශය සහ ප‍්‍රවාහන අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට
ගෙන එහි ලේකම් ධූරය ගෝඨාභය රාජපක්ෂ මහතාට පවරන්නේ නම් ජූලි මාසයේදී වැඩි කිරීමට නියමිත බස් ගාස්තුව දෙසැම්බර් දක්වා කල් දැමීමට සූදානම් බවට ලේ වලින් අත්සන් කර පොරොන්දුවක් ලබාදෙන බවද කීය
ගෙන එහි ලේකම් ධූරය ගෝඨාභය රාජපක්ෂ මහතාට පවරන්නේ නම් ජූලි මාසයේදී වැඩි කිරීමට නියමිත බස් ගාස්තුව දෙසැම්බර් දක්වා කල් දැමීමට සූදානම් බවට ලේ වලින් අත්සන් කර පොරොන්දුවක් ලබාදෙන බවද කීය
Posted in:
000 ක් තියෙනවා,
ඇමතිට තියෙන්නේ 500 යි:ගැමුණුට 20

0 comments for "ඇමතිට තියෙන්නේ 500 යි:ගැමුණුට 20,000 ක් තියෙනවා"
Leave a reply