ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ඉරාජ් වීරරත්න කෝටියක (ලක්ෂ 100ක) ඔට්ටුවක්

යොවුන් ගායක ඉරාජ් වීරරත්න කෝටියක (ලක්ෂ 100ක) ඔට්ටුවක් ඇල්ලීමේ සිද්ධියක් අප වෙත වාර්තා වෙනවා.

ඔහු මේ ඔට්ටුව අල්ලා ඇත්තේ සිය නවතම ගීතය වන 'මනාලි' කොපියක් බවට ඔප්පු කළ හොත් ලක්ෂ 100ක් දී සියලු ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා වලින් ඉවත්කර ගන්නා බව පවසනවා.

ඇතැමුන් මෙය දමිළ චිත්‍රපටයක ගීතයක් බවටත්, තවත් සමහරු එය ජපන් චිත්‍රපට
ගීතයක් බවටත් ප්‍රචාරයක් සිදුකරමින් සිටින බවද ඔහු සදහන් කරනවා.

නේපාලයේ, මැලේසියාවේ හා බංගලාදේශයේ තමාගේ ගීත ජනප්‍රිය බවත් ඉරාජ් හෙළිකර තිබෙනවා. මිලියන 160ක් ඉන්න බංගලාදේශයේ තමාගේ ගීත වඩාත් ජනප්‍රිය බවත් ඔහු පවසා තිබෙනවා.

ඉරාජ් පවසන්නේ මේවන විට යූ ටියුබ් තුළ අදාල වීඩියෝව නරඹමින්ද, ‌‌ෙෆ්ස්බුක් තුළ අදාල වීඩියෝව හුවමාරු කර ගැනීමෙන්ද ලක්ෂ 5කට ආසන්න පිරිසක් එය නරඹා ඇති බවයි.

Posted in:

0 comments for "ඉරාජ් වීරරත්න කෝටියක (ලක්ෂ 100ක) ඔට්ටුවක්"

Leave a reply