ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අකුරැස්සේ දැරිය දුෂණය කල තිදෙනකු හඳුනාගනී

මාතර අකුරැස්සේදී වයස අවුරුදු දහතුනක දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් සිවුදෙනා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඊයේ (05) ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන් තිදෙනකු වින්දිත දැරිය විසින්
හඳුනා ගන්නා ලදී.

හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් සිවුදෙනා නැවැත ජුනි මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මාතර මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුවන් සිසිර කුමාර මහතා නියෝග කෙළේය.
මේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන තවත් සැකකරුවකු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුද ජුනි මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

Posted in:

0 comments for "අකුරැස්සේ දැරිය දුෂණය කල තිදෙනකු හඳුනාගනී"

Leave a reply