දීර්ඝ ටෙලි නාට්‍යවල නළු නිළියන්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ දවස් කුලියට තමයි
ගිහාන් ප්‍රනාන්දු පුරා දශක දෙකකට අධික කාලයක් රංගන ශිල්පියකු ලෙස විවිධ චරිත රඟපාමින් තම රංගන හැකියාවන් පළ කළ නළුවෙකි. රංගනය පිළිබඳ මනා පරිචයක් ඇති ගිහාන් වේදිකාව තුළින් ද සිය රංගන පරාසයේ පුළුල් බව විදහා පෑවේය. වේදිකාවෙන් පුංචි තිරයට පිවිසි නළු පරපුරට එක් වූ ඔහු අද වන විට සතියේ දින පහේම අපට හමුවේ. සතියේ දින පහ පුරාම රාත්‍රී 7.30ට හිරු ටී.වී. ඔස්සේ “සඳ පිණි බිඳක” ටෙලි නාට්‍යයේත් 8.30ට සිරස ටී.වී. විකාශය වන තූර්යා හා ස්වර්ණවාහිණියේ විකාශය වන “අම්මාවරුන්” ටෙලි නාට්‍යය තුළිනුත් ගිහාන් අපට හමුවේ. “දෙරණ” නාලිකාවේ විකාශය වන “අත්තම්මා” හා ජාතික රූපවාහිනියේ විකාශය වන “ඉසුරු භවන” තුළත් ඔහු අපට හමුවන්නේ රාත්‍රී 9.00ටය. සතියේ දිනවල එම නිර්මාණවල විවිධ චරිත රඟන ගිහාන් සෙනසුරාදා රාත්‍රී 7.30ට හිරු ටී.වී. ඔස්සේ විකාශය වන ‘ආටක නාටක’ තුළින් ද අපේ ආලින්දයට ගොඩ වේ. නළුවකු ලෙස කාර්යබහුල දිවියක් ගත කරන
මේ ප්‍රවීණ රංගන ශිල්පියාගේ කලා දිවියේ තොරතුරු විමසන්නට අපි ඔහු හමුවීමු.
එකම වෙලාවට ඔබ රඟපෑ නාට්‍ය දෙකක් නාලිකා දෙකක විකාශය වන විට ඔබ ඉන් එකක් නරඹන්න තෝරා ගන්නේ කොහොමද ?
මේ කාර්ය බහුලකමත් එක්ක මම රඟපාන එක ටෙලි නාට්‍යයක් වත් නරඹන්න මට ලැබෙන්නෙ නැහැ.
නළුවෙකුගේ සාර්ථකත්වයට තමන්ගේ රඟපෑම් අධ්‍යයනය කිරීමත් වැදගත්. ඒ අනුව ඔබ සාර්ථක නළුවෙක් වන්නේ කොහොමද?
රංගන කුසලතාවය කියන්නේ අප තුළම තියන දෙයක්. මම ටෙලි නාට්‍යයකට එකතුවන්නේ එහි අධ්‍යක්ෂවරයා ගැන හිතලා. ඒ අධ්‍යක්ෂවරයා මාව
මෙහෙයවන කෙනෙකු විය යුතුයි. නළු නිළියන් මෙහෙයවීම තමයි අධ්‍යක්ෂවරයකුගේ ප්‍රධාන වගකීම.
ඒ වුණත් අද ඔබ බහුලව දකින්න ලැබෙන්නේ මෙගා නාට්‍යවලද?
‘මෙගා’ කියනවාට වඩා මම කැමතියි දීර්ඝ ටෙලි නාට්‍යය කියා කියනවාට.
මෙගා කිව්වත් දීර්ඝ කිව්වත් පොදුවේ ගත්තම ඒවා අවර ගණයේ නාට්‍යය බවයි බොහෝ අය කියන්නේ ....?
ඔය අවරගණයේ කියන වචනය තමන් ප්‍රබුද්ධයි කියලා හිතන කීප දෙනෙක් තමන්ගේ පුහු මහන්තත්වය විදහා පාන්න හදා ගත්තු වචනයක්. කොටස් දහයක් පහළොවක නාට්‍ය අතරේ වුණත් බලන්න බැරි නාට්‍ය තියෙන්න පුළුවනි. අපි කලාකෘතියක් තක්සේරු කළ යුත්තේ නිර්මාණය දිහා බලලා මිසක් ‘ෂූටින්’ ෂෙඩූල් දිහා බලලා නෙවෙයි.
ඔබ දීර්ඝ ටෙලි නාට්‍යවලට එකතු වන හින්දා ඒවාත් ගුණාත්මක බව හඟවන්නද ඔය උත්සාහ කරන්නේ ?
“කඩුල්ල”, “පළිඟුමැණිකේ”, “වෙදහාමිනේ”, “ඇල්ල ළඟ වළව්ව” ඇතුළු විශිෂ්ට ටෙලි නාට්‍ය බිහි වූ රටක් අපේ රට. ඒත්, ඒ රටේ අනික් බොහෝ දේවල් වගේ අද ටෙලි නාට්‍යයත් තනිකරම වාණිජ්‍ය පරමාර්ථ මතයි කරන්නේ. එවන් පසුබිමක අර මුලින් කී විදියේ විශිෂ්ට ටෙලි නාට්‍ය බිහිවෙන්නට තියන හැකියාව අඩුයි. අනෙක දීර්ඝ ටෙලි නාට්‍යයක් වූ පමණින් එය තක්සේරුවට ලක්විය යුතු නැති බවයි නැවතත් මා කියන්නේ.
ඒ වුණාට ඔය දීර්ඝ ටෙලි නාට්‍යවලට බණින අය අතර ඔබේම සහෝදර නළු නිළියනුත් ඉන්නවා ?
තමන්ට ඔය විදියේ නිර්මාණවලට ආරාධනා නොලැබෙන විට ඒවාට බැණපු අයත් හිටියා. ජීවිතේට මෙගාවලට යන්නෙ නැහැ කියා දැඩි ප්‍රතිපත්තිවල හිටපු අයත් හිටියා. ඒත් පසු කාලයේදී ඒ අයත් මෙවැනි නිර්මාණවලට ඇවිත් නිදහසට කරුණු විදියට යම් මතවාද ගොඩනැගුවා. ඔන්න ඕකයි සැබෑ තත්ත්වය.
නමුත් අදටත් තෝරා බේරා ගත් හොඳ නිර්මාණවලට විතරක් දායක වන දක්ෂ රංගන ශිල්පීන් අපේ රටේ ඉන්න බව අමතක කරන්න බැහැ. ඒ වගේම ඔබත් වේදිකාව තුළ දක්ෂතා පළකළ දක්ෂ ශිල්පියෙකු බවත් අමතක කරන්න බැහැ ?
සමහරු ඉන්නවා විවිධ වෘත්තීන් හා විවිධ කටයුතුවල යෙදෙන අය. ඒ අයගේ රඟපෑම තමන්ගේ කටයුතුවලට ආලෝකයක්. ඒ වගේ පිරිසට අවුරුද්දකට එක නිර්මාණයකට දායක වුණත් ඒ ආලෝකය ලැබෙනවා. ඒ හින්දම අවුරුද්දට එකක් දෙකක් රඟපාලා තෝරා බේරාගත් නිර්මාණවලට විතරක් දායක වන බව කියනවා. ඒත් මට එහෙම බැහැ. මම කරපු රස්සාවත් අතැරලා පූර්ණ කාලයම රඟපෑමට එකතු වුණේ ඊට ඇති ආශාවට. මම වෘත්තිය නළුවෙක්. ඉතින් මට වසරකට එක නිර්මාණක රඟපාලා පවතින්න බැහැ.
මෙගා නාට්‍යවල දවසේ කුලියට රඟපාන නළුවෙක් වුණේ වෘත්තිය රංගන ශිල්පියෙක් වූණු හින්දා නේද?
අද දීර්ඝ ටෙලි නාට්‍යවලට දායක වන හැම නළු නිළියන්ට සිදුවෙලා තියෙන්නේ දවසේ වැටුපට රඟපාන්න තමයි. නමුත් ඒකෙන් ඒ අයගේ ජීවිත වගේම කලාවත් රැකෙනවා නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැනේ ?
ඔබ ඔය කියන්නේ ළිඳ මගේ නම්, මම ළිඳේ නම් කාටවත් ඇති වේදනා වගේ කතාවක් නේද ?
වෙන්න පුළුවන්. ඒත් අද ටෙලි නාට්‍ය කර්මාන්තයේ තත්ත්වය තමයි ඒ. අපටත් ඒ කර්මාන්තය තුළ තමයි ඉන්න සිදුවෙලා තියෙන්නේ. කර්මාන්තය බිඳ වැටුණොත් කලාවත් ඉබේම බිඳ වැටෙනවා.
ඒ කියන්නේ අවංකම අද පවතින තත්ත්වය පිළිබඳව ඔබ කනගාටු වෙනවා.
ඔව් මේ වන විට විශිෂ්ට ටෙලි නාට්‍ය බිහි නොවීම ගැන මම කනගාටුවෙනවා.
ඒ කියන්නේ ඔබ තුළත් ආත්ම තෘප්තියක් නැහැ ?
වඩුවෙක්, පෙදරේරුවෙක්, කම්කරුවෙක්, වෛද්‍යවරයෙක් මේ කොයි විදියක වෘත්තියක යෙදෙන කෙනෙක් වුණත් තමන්ගෙ වෘත්තිය ගැන තෘප්තිමත් විය යුතුයි. ඒ අතින් මම භාග්‍යවන්තයි. රඟපෑම කියන්නේ හරිම තෘප්තිමත් කටයුත්තක්. මම ඒ කටයුත්තේ යෙදෙන්නේ හරිම තෘප්තියෙන්. ඒත් ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ මේ පසුබිම පිළිබඳ තෘප්තියක් නෑ. ඒක කලාවට විතරක් නමෛයි අද රටේ හැම ක්‍ෂේත්‍රයකටම මේක පොදු තත්ත්වයක්.
ආරියවංශ කුලතිලක
මේ ප්‍රවීණ රංගන ශිල්පියාගේ කලා දිවියේ තොරතුරු විමසන්නට අපි ඔහු හමුවීමු.
එකම වෙලාවට ඔබ රඟපෑ නාට්‍ය දෙකක් නාලිකා දෙකක විකාශය වන විට ඔබ ඉන් එකක් නරඹන්න තෝරා ගන්නේ කොහොමද ?
මේ කාර්ය බහුලකමත් එක්ක මම රඟපාන එක ටෙලි නාට්‍යයක් වත් නරඹන්න මට ලැබෙන්නෙ නැහැ.
නළුවෙකුගේ සාර්ථකත්වයට තමන්ගේ රඟපෑම් අධ්‍යයනය කිරීමත් වැදගත්. ඒ අනුව ඔබ සාර්ථක නළුවෙක් වන්නේ කොහොමද?
රංගන කුසලතාවය කියන්නේ අප තුළම තියන දෙයක්. මම ටෙලි නාට්‍යයකට එකතුවන්නේ එහි අධ්‍යක්ෂවරයා ගැන හිතලා. ඒ අධ්‍යක්ෂවරයා මාව
මෙහෙයවන කෙනෙකු විය යුතුයි. නළු නිළියන් මෙහෙයවීම තමයි අධ්‍යක්ෂවරයකුගේ ප්‍රධාන වගකීම.
ඒ වුණත් අද ඔබ බහුලව දකින්න ලැබෙන්නේ මෙගා නාට්‍යවලද?
‘මෙගා’ කියනවාට වඩා මම කැමතියි දීර්ඝ ටෙලි නාට්‍යය කියා කියනවාට.
මෙගා කිව්වත් දීර්ඝ කිව්වත් පොදුවේ ගත්තම ඒවා අවර ගණයේ නාට්‍යය බවයි බොහෝ අය කියන්නේ ....?
ඔය අවරගණයේ කියන වචනය තමන් ප්‍රබුද්ධයි කියලා හිතන කීප දෙනෙක් තමන්ගේ පුහු මහන්තත්වය විදහා පාන්න හදා ගත්තු වචනයක්. කොටස් දහයක් පහළොවක නාට්‍ය අතරේ වුණත් බලන්න බැරි නාට්‍ය තියෙන්න පුළුවනි. අපි කලාකෘතියක් තක්සේරු කළ යුත්තේ නිර්මාණය දිහා බලලා මිසක් ‘ෂූටින්’ ෂෙඩූල් දිහා බලලා නෙවෙයි.
ඔබ දීර්ඝ ටෙලි නාට්‍යවලට එකතු වන හින්දා ඒවාත් ගුණාත්මක බව හඟවන්නද ඔය උත්සාහ කරන්නේ ?“කඩුල්ල”, “පළිඟුමැණිකේ”, “වෙදහාමිනේ”, “ඇල්ල ළඟ වළව්ව” ඇතුළු විශිෂ්ට ටෙලි නාට්‍ය බිහි වූ රටක් අපේ රට. ඒත්, ඒ රටේ අනික් බොහෝ දේවල් වගේ අද ටෙලි නාට්‍යයත් තනිකරම වාණිජ්‍ය පරමාර්ථ මතයි කරන්නේ. එවන් පසුබිමක අර මුලින් කී විදියේ විශිෂ්ට ටෙලි නාට්‍ය බිහිවෙන්නට තියන හැකියාව අඩුයි. අනෙක දීර්ඝ ටෙලි නාට්‍යයක් වූ පමණින් එය තක්සේරුවට ලක්විය යුතු නැති බවයි නැවතත් මා කියන්නේ.
ඒ වුණාට ඔය දීර්ඝ ටෙලි නාට්‍යවලට බණින අය අතර ඔබේම සහෝදර නළු නිළියනුත් ඉන්නවා ?
තමන්ට ඔය විදියේ නිර්මාණවලට ආරාධනා නොලැබෙන විට ඒවාට බැණපු අයත් හිටියා. ජීවිතේට මෙගාවලට යන්නෙ නැහැ කියා දැඩි ප්‍රතිපත්තිවල හිටපු අයත් හිටියා. ඒත් පසු කාලයේදී ඒ අයත් මෙවැනි නිර්මාණවලට ඇවිත් නිදහසට කරුණු විදියට යම් මතවාද ගොඩනැගුවා. ඔන්න ඕකයි සැබෑ තත්ත්වය.
නමුත් අදටත් තෝරා බේරා ගත් හොඳ නිර්මාණවලට විතරක් දායක වන දක්ෂ රංගන ශිල්පීන් අපේ රටේ ඉන්න බව අමතක කරන්න බැහැ. ඒ වගේම ඔබත් වේදිකාව තුළ දක්ෂතා පළකළ දක්ෂ ශිල්පියෙකු බවත් අමතක කරන්න බැහැ ?
සමහරු ඉන්නවා විවිධ වෘත්තීන් හා විවිධ කටයුතුවල යෙදෙන අය. ඒ අයගේ රඟපෑම තමන්ගේ කටයුතුවලට ආලෝකයක්. ඒ වගේ පිරිසට අවුරුද්දකට එක නිර්මාණයකට දායක වුණත් ඒ ආලෝකය ලැබෙනවා. ඒ හින්දම අවුරුද්දට එකක් දෙකක් රඟපාලා තෝරා බේරාගත් නිර්මාණවලට විතරක් දායක වන බව කියනවා. ඒත් මට එහෙම බැහැ. මම කරපු රස්සාවත් අතැරලා පූර්ණ කාලයම රඟපෑමට එකතු වුණේ ඊට ඇති ආශාවට. මම වෘත්තිය නළුවෙක්. ඉතින් මට වසරකට එක නිර්මාණක රඟපාලා පවතින්න බැහැ.
මෙගා නාට්‍යවල දවසේ කුලියට රඟපාන නළුවෙක් වුණේ වෘත්තිය රංගන ශිල්පියෙක් වූණු හින්දා නේද?
අද දීර්ඝ ටෙලි නාට්‍යවලට දායක වන හැම නළු නිළියන්ට සිදුවෙලා තියෙන්නේ දවසේ වැටුපට රඟපාන්න තමයි. නමුත් ඒකෙන් ඒ අයගේ ජීවිත වගේම කලාවත් රැකෙනවා නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැනේ ?
ඔබ ඔය කියන්නේ ළිඳ මගේ නම්, මම ළිඳේ නම් කාටවත් ඇති වේදනා වගේ කතාවක් නේද ?
වෙන්න පුළුවන්. ඒත් අද ටෙලි නාට්‍ය කර්මාන්තයේ තත්ත්වය තමයි ඒ. අපටත් ඒ කර්මාන්තය තුළ තමයි ඉන්න සිදුවෙලා තියෙන්නේ. කර්මාන්තය බිඳ වැටුණොත් කලාවත් ඉබේම බිඳ වැටෙනවා.
ඒ කියන්නේ අවංකම අද පවතින තත්ත්වය පිළිබඳව ඔබ කනගාටු වෙනවා.
ඔව් මේ වන විට විශිෂ්ට ටෙලි නාට්‍ය බිහි නොවීම ගැන මම කනගාටුවෙනවා.
ඒ කියන්නේ ඔබ තුළත් ආත්ම තෘප්තියක් නැහැ ?
වඩුවෙක්, පෙදරේරුවෙක්, කම්කරුවෙක්, වෛද්‍යවරයෙක් මේ කොයි විදියක වෘත්තියක යෙදෙන කෙනෙක් වුණත් තමන්ගෙ වෘත්තිය ගැන තෘප්තිමත් විය යුතුයි. ඒ අතින් මම භාග්‍යවන්තයි. රඟපෑම කියන්නේ හරිම තෘප්තිමත් කටයුත්තක්. මම ඒ කටයුත්තේ යෙදෙන්නේ හරිම තෘප්තියෙන්. ඒත් ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ මේ පසුබිම පිළිබඳ තෘප්තියක් නෑ. ඒක කලාවට විතරක් නමෛයි අද රටේ හැම ක්‍ෂේත්‍රයකටම මේක පොදු තත්ත්වයක්.
ආරියවංශ කුලතිලක
Posted in:
කුලිය,
ගිහාන් ප්‍රනාන්දු,
දීර්ඝ ටෙලි නාට්‍ය,
නළු නිළියන්

0 comments for " දීර්ඝ ටෙලි නාට්‍යවල නළු නිළියන්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ දවස් කුලියට තමයි"
Leave a reply