වල් ඌරු දඩයම සහ ගස උඩ මරණය
උලකින් සතුන්ට ඇන මරා දැමීම.
වෙනදා මෙන් ඔහු තවත් මිතුරෙකු සමඟ පසුගියදා(13) මෙම යකඩ උලත් රැගෙන ගියේ වල් ඌරන් ඇන මැරීමට. වනයේ පදුරු අතර ලැග සිටින ඌරන්ට ඇන මරාදැමීම මොහුගේ සිරිතක්. කැළයේ වල් පදුරු අතර සිටි වල් ඌරෙකුට වෙනදා මෙන් වැරෙන් අනිනු ලැබූ අතර යකඩ උල වල් ඌරාගේ සිරුර පසා කරගෙන ගියා. ඒත් එදා වෙනදා මෙන් දඩයම පහසු වුණේ නෑ. යකඩ උලත් සමග එක් වරම මාරාවේෂයෙන් ආපසු හැරුණු වල් ඌරා මොවුන් දෙදෙනා පසුපස නැවත පන්නන්නට පටන් ගත්තා. වල් ඌරාගෙන් බේරෙන්න දඩයක්කරු නැවත දිවගියත් වියරු වැටුණ වල් ඌරාගෙන් බේරෙන්නට ඔහුට පුලුවන් වූණේ නෑ. මරහඬ දීගෙන ආ වල් ඌරා දඩයක්කරුට වැරෙන් දල පහර කීපයක් එල්ල කළා. දඩයක්කරුත් වල් ඌරාගේ පහර කාගෙනම අසල තිබූ ගසකට නැග ගත්තා.ඒත් ඒ වෙනකොටත් ඔහු සමග සිටි මිතුරා ඔහු අතහැර තම ඡීවිතය බේරාගැනීමට පැන ගිහින් සිටියා.
යාන්තමින් දිවි ගලවාගෙන සැතපුම් එකහමාරක පමණ දුර දිවගිය මිතුරා මෙම සිදධිය තවත් අයට පවසා ඔවුන් සමග දඩයක්කරු සොයන්නට ආවා.ඒත්, සිද්ධිය වූ ස්ථානයට එනවිටදඩයක්කරු ගස උඩම මිය ගොස් සිටියා. මෙම දඩයක් කරුගේ කලවා ප‍්‍රදේශයට වල් ඌරා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සිදුවූ අධික රුධීර වහනය නිසා මොහු මියගොස් ඇති බව වෛද්‍ය වාර්තා වේ ස`දහන්ව තිබුණා. යකඩ උලත් ඇණගෙනම ඌරා කැළෑ වැදී තිබුණා.
සිද්ධිය පිළිබදව පන්විල පොලිසියේ ස්ථානාධිපති සමන් අංගම්මන මහතා ඇතුලූ නිලධාරීන් පරීක්ෂණ පවත්වනවා.
ගයා වන්නිආරච්චි
Posted in:
වල් ඌරු දඩයම සහ ගස උඩ මරණය
.jpg)
0 comments for "වල් ඌරු දඩයම සහ ගස උඩ මරණය"
Leave a reply