හුඟක් අපරාධවලට මුල මිනිසුන්ගේ මානසික රෝග
ජාතික ප්‍රශ්නයක් ලෙස අප සමාජය පෙළෙන මානසික ගැටලු පිළිබඳ දැනුවත් කරමින් එකී ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ සිය ‘අභින’ පදනම හරහා දීප ව්‍යාප්ත වැඩසටහනක් මෙහෙයවමින් සමාජ සද්කාර්යයක් දියත් කොට සිටියි.
මුලින්ම මේ සද්කාර්යය කුමක්ද යන්න පිළිබඳ කතා බහකරමු.
මානසික රෝග වගේම ඒ රෝගීන් පිළිබඳ අපේ රටේ මුල් බැස ඇති මතිමතාන්තර ආකල්පමය වශයෙන් වෙනසකට බඳුන් කිරීම තමයි මෙහි මූලික අරමුණ.
අද අපේ රටේ පවතින මානසික ගැටලු ඔබ දකින්නේ කොහොමද?
ලංකාවේ තිබෙන එක ප්‍රශ්නයක්
තමයි අපේ සාමාන්‍ය මිනිස්සු අද ‘අනේ මට කොලොස්ට්‍රරෝල් තියෙනවනේ, අනේ මට ෂුගර් නේ, අනේ මට මේ හාට් ප්‍රෙබ්ලම් තියෙනවනේ ආදී වශයෙන් මේ ලෙඩ හරි ලොකු ලෙඩ වගේ හැමතැනම කියවනවා. මේ වගේ ලෙඩ ගැන කතාකරන්න අද සමාජයේ මිනිස්නු තුළ ලැජ්ජාවක් බයක් නැහැ. ඒවා හරියට පෝසත් අයට හැදෙන ලොකු ලෙඩ වගේ මිනිස්සු කියා ගන්නා හැටි එදිනෙදා ජීවිතයේ අපි දකිනවා. ඒත් මේ අතර කෙනෙකුට මට මානසික රෝගයක් තියෙනවා කියලා තවත් කෙනෙක්ට කියන එක හරිම ලැජ්ජයි.
ඒක කියන්නෙ නැහැ. ඒක හංගනවා. ඒක ලෙඩා පමණක් නෙවෙයි හංගන්නේ. පවුලේ අයත් හංගනවා. මොකද අද අප රටේ ආකල්පයක් තිබෙනවා, මානසික රෝගියෙක් ඉන්නවා නම් එයා කසාද බැන්දොත් ළමයින්ටත් හැදෙනවා කියලා. මෙවැනි එක එක විකාර ආකල්ප තිබෙනවා අද සමාජයේ. ඒ නිසා මේ ආකල්පය නැති කරන්න තමයි අපි මේ ආකාරයට උත්සාහ දරන්නේ. මොකද වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා 2020 වන විට ලෝකයේ වළක්වා ගැනීමට අසීරු රෝග අතරින් දෙවන ස්ථානය ගනු ලබන්නේ මානසික සෞඛ්‍ය සම්බන්ධ රෝගාබාධය කියන කාරණය.
එයින් ඔබ අදහස් කරන්නේ මේ හැම ලෙඩකටම මූලික වන්නේ මිනිස් මනස කියන එක ද?
ඔව්. කෙනෙකුගේ ශරීරය ලෙඩ වෙනවා නම් මනස ලෙඩ වෙන්න බැරිකමක් නැහැ නේද? ඒ නිසා මේ මනස කියන දේ තමයි මම හිතන විදිහට අනෙක් හැම ලෙඩකටම මූලික වන්නේ. පිළිකා, හෘද රෝග මේ හැමදේටම මනස බලපානවා. ඒ නිසා මේ මානසික ගැටලු පිළිබඳ අපේ සමාජය දැවත් වී සිටිය යුතුම වෙනවා. ඒ ගැන නිසි අවබෝධයකින් කටයුතු කළොත් ලංකාවේ මිනිසුන්ගේ මානසික සෞඛ්‍යය යහපත් අතට ගොඩනගන්න පුළුවන්. දැන් බලන්න දවස ගානේ සිදුවන විවිධ අපරාධ.
දැන් හුඟාක්ම සිදුවෙන අපරාධවලට මූලික වෙලා තිබෙන්නේ මිනිස්සු මානසික රෝගවලින් පෙළෙන එක. දැන් බලන්න මෑතකදී කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ ඝාතන රැල්ල ගත්තොත් ඒවා දිහා බලනකොට ඒවා ගොඩක්ම සිදුකරලා තිබෙන්නේ මානසික විකෘතිතාවලින් පෙළෙන අයයි. මෙය හඳුනාගෙන මනසට නිවැරදි පිළියම් ලබා දුන්නොත් මේ තත්ත්වය මඟ හරවා ලන්නට පුළුවන්. ඒ වෙනුවෙන් තමයි අපි මේ වැඩසටහන දියත් කොට තිබෙන්නේ.
සංවාද මණ්ඩප නාට්‍ය ඔස්සේ ජනතාවට ලබා දෙන්නේ කුමක් ද?
ඇත්තටම මේ හරහා අපි ප්‍රධාන වශයෙන් ඉටුකරගත යුතු කරුණු කාරණා ගණනාවක් ගැනම කතාබහට බඳුන් කරනවා. විශේෂයෙන් සමාජය සහ පුද්ගලයින් පෙළනා ගැටලුවලට විසඳුම් සෙවීම, ඒ හරහා කතා බහට ලක්වෙන මාතෘකාව සමඟ ඍජුවම සම්බන්ධවීමේ අවශ්‍යතාව, එම ගැටලුව විසඳීම් සඳහා පුළුල්ව සංවාදයට එළඹීමේ අවස්ථාව ලබාදීම, පුද්ගල සහ සමාජීය ප්‍රශ්න දෙස පුළුල්ව සහ ගැඹුරින් බැලීම, පුද්ගලයා තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම, බල රහිතයන් බලවත් කිරීම යනාදී කරුණු ගැන මේ නාට්‍ය ඔස්සේ විශේෂ අවධානයක් යොමු කරනවා.
මේ තුළ විනාඩි 20 ක පමණ කාලසීමාවකදී සැබෑ ජීවිතයේ ප්‍රායෝගික ගැටලු රඟ දැක්වීමක් සිදුවෙනවා. ඇත්තෙන්ම මෙය ප්‍රාසාංගික වැඩසටහනක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ ඔස්සේ විශාදය සහ සාංකාව දුර්වලතාවයේ සලකුණක් නොවන බවත් එය ශක්තිමත් වීමට කාලාන්තරයක් තිස්සේ දැරූ දැඩි උත්සාහයක ප්‍රතිඵලය විය හැකි බවත් යන කරුණු පෙන්වා දෙනවා. මේ තත්ත්වයන් අවම කර ගැනීමට උදව් වෙන ආධ්‍යාත්මික හා පාරම්පරික ක්‍රමවේද අපේ රටේ තවමත් ඉතිරිව තිබෙන බවත් මෙයින් පැහැදිලි කරනවා.
දිවි නසා ගැනීම් අතින් අපේ රට ඉහළම ස්ථානයක සිටිනවා. මෙය මානසික සෞඛ්‍ය පිරිහීමේ උච්චතම අවස්ථාවක් නොවේද?
අද ලංකාවේ සියදිවි නසා ගැනීම් නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා. විශේෂයෙන් ම අම්මලා දරුවන් සමඟ පාලම්වලින් ගංගාවලට පනිනවා. ළිංවලට පනිනවා. මේවා සේරම ඔවුන්ගේ මානසික තත්ත්වයන් පාලනය කරගන්න බැරිවීමෙන් සිදුවන අපරාධ. ඇත්තටම අපේ රට තිස් වසරක යුද්ධයක් පැවතුණු රටක්.
ඒ සමඟම ලංකාවේ සිදුවන අපරාධවලට මේ පශ්චාත් යුද මානසික ආතතියත් බලපානවා. වෙනත් විදේශීය බටහිර දියුණු රටවල් මේ සඳහා පිළියම් වශයෙන් මුදල් වියදම් කරලා විවිධ වැඩසටහන් මේ උදෙසා ක්‍රියාත්මක කරනවා. නමුත් මේ මානසික ආතතිය පිළිබඳ ප්‍රශ්නයේදී අපේ රටේ විසඳුම් සෙවීම තරමක් ප්‍රමාද වී තිබෙනවා. ඒ සඳහා අපිට පුළුවන් විදිහට විසඳුම් සමාජයට සොයා දීම තමයි අපේ වැඩසටහනේ අරමුණ.
මේ වැඩසටහන ඔස්සේ ළමා මනසටත් කතා කරනවාද?
ඔව්. අද ළමා පරපුර ගත්තොත් කෝපය හා මානසික ආතතිය වැඩි වශයෙන් ම ඔවුන්ට බලපානවා. අපි පොඩි කාලේ වගේ නෙමෙයි. අද දරුවන්ට ඉගෙනීමට ඇති විෂය පථය හරි විශාලයි. දරුවන්ට පාසලේදී, නිෙවසේදී පැවරෙන වැඩ වගකීම් වැඩියි. සමහරවිට දරුවන්ට සෙල්ලම් කරන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්. අද ළමයින්ට වඩා අම්මලා තමයි පාසලේ තරගයට මුහුණ දීලා තියෙන්නේ. දරුවන්ගේ පාසල් වැඩ හැමදේම කරන්නේ අම්මලා. මේවා නිවැරදි ලෙස මෙහෙයවා ගැනීමට ඔවුන් දන්නේ නැහැ.
ඒ නිසා මව්පියන් ළමයින් අතරේ විවිධ මත ගැටුම් ඇති වෙනවා. මේ ඔක්කොම ආතතියේ හා කෝපයේ ප්‍රතිඵල. ඉන්පසු අපරාධවලට, යුද්ධවලට මේ අය යොමුවෙනවා. මෙන්න මේ දේවල් වෙනස් කර මිනිසුන් සමඟ මේ කාරණා කතා බහ කොට මිනිසුන් යහපත් මානසික ජීවිතයකට හුරුකර වීමෙන් ඔවුන්ට යහපත් ජීවිතයකට මුහුණ දෙන්න පුළුවන්.
මේ සඳහා ඔබට උපකාර කරන පිරිසක් ඇති...?
ඔව්. මේ සද්කාර්ය වටහාගෙන මෙහි බරපැන උසුලන්නේ බේරුවල බාබරීන් ආයුර්වේද නිකේතන සමූහයට අයත් සුදන රොඩ්රිග්‍රෝ සහන පදනමයි. ඒත් එක්කම වෛද්‍ය කපිල රණසිංහ සහ වෛද්‍ය නීල් ප්‍රනාන්දු උපදෙස් ලබා දෙමින් ෙමය මෙහෙයවීමට මට සහාය වෙනවා. ඒ අයගේ උපකාරය ස්තූති පූර්වකව මතක් කර සිටිනවා.
තුෂාරි වික්‍රමසිංහ
මුලින්ම මේ සද්කාර්යය කුමක්ද යන්න පිළිබඳ කතා බහකරමු.
මානසික රෝග වගේම ඒ රෝගීන් පිළිබඳ අපේ රටේ මුල් බැස ඇති මතිමතාන්තර ආකල්පමය වශයෙන් වෙනසකට බඳුන් කිරීම තමයි මෙහි මූලික අරමුණ.
අද අපේ රටේ පවතින මානසික ගැටලු ඔබ දකින්නේ කොහොමද?
ලංකාවේ තිබෙන එක ප්‍රශ්නයක්
තමයි අපේ සාමාන්‍ය මිනිස්සු අද ‘අනේ මට කොලොස්ට්‍රරෝල් තියෙනවනේ, අනේ මට ෂුගර් නේ, අනේ මට මේ හාට් ප්‍රෙබ්ලම් තියෙනවනේ ආදී වශයෙන් මේ ලෙඩ හරි ලොකු ලෙඩ වගේ හැමතැනම කියවනවා. මේ වගේ ලෙඩ ගැන කතාකරන්න අද සමාජයේ මිනිස්නු තුළ ලැජ්ජාවක් බයක් නැහැ. ඒවා හරියට පෝසත් අයට හැදෙන ලොකු ලෙඩ වගේ මිනිස්සු කියා ගන්නා හැටි එදිනෙදා ජීවිතයේ අපි දකිනවා. ඒත් මේ අතර කෙනෙකුට මට මානසික රෝගයක් තියෙනවා කියලා තවත් කෙනෙක්ට කියන එක හරිම ලැජ්ජයි.
ඒක කියන්නෙ නැහැ. ඒක හංගනවා. ඒක ලෙඩා පමණක් නෙවෙයි හංගන්නේ. පවුලේ අයත් හංගනවා. මොකද අද අප රටේ ආකල්පයක් තිබෙනවා, මානසික රෝගියෙක් ඉන්නවා නම් එයා කසාද බැන්දොත් ළමයින්ටත් හැදෙනවා කියලා. මෙවැනි එක එක විකාර ආකල්ප තිබෙනවා අද සමාජයේ. ඒ නිසා මේ ආකල්පය නැති කරන්න තමයි අපි මේ ආකාරයට උත්සාහ දරන්නේ. මොකද වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා 2020 වන විට ලෝකයේ වළක්වා ගැනීමට අසීරු රෝග අතරින් දෙවන ස්ථානය ගනු ලබන්නේ මානසික සෞඛ්‍ය සම්බන්ධ රෝගාබාධය කියන කාරණය.
එයින් ඔබ අදහස් කරන්නේ මේ හැම ලෙඩකටම මූලික වන්නේ මිනිස් මනස කියන එක ද?
ඔව්. කෙනෙකුගේ ශරීරය ලෙඩ වෙනවා නම් මනස ලෙඩ වෙන්න බැරිකමක් නැහැ නේද? ඒ නිසා මේ මනස කියන දේ තමයි මම හිතන විදිහට අනෙක් හැම ලෙඩකටම මූලික වන්නේ. පිළිකා, හෘද රෝග මේ හැමදේටම මනස බලපානවා. ඒ නිසා මේ මානසික ගැටලු පිළිබඳ අපේ සමාජය දැවත් වී සිටිය යුතුම වෙනවා. ඒ ගැන නිසි අවබෝධයකින් කටයුතු කළොත් ලංකාවේ මිනිසුන්ගේ මානසික සෞඛ්‍යය යහපත් අතට ගොඩනගන්න පුළුවන්. දැන් බලන්න දවස ගානේ සිදුවන විවිධ අපරාධ.
දැන් හුඟාක්ම සිදුවෙන අපරාධවලට මූලික වෙලා තිබෙන්නේ මිනිස්සු මානසික රෝගවලින් පෙළෙන එක. දැන් බලන්න මෑතකදී කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ ඝාතන රැල්ල ගත්තොත් ඒවා දිහා බලනකොට ඒවා ගොඩක්ම සිදුකරලා තිබෙන්නේ මානසික විකෘතිතාවලින් පෙළෙන අයයි. මෙය හඳුනාගෙන මනසට නිවැරදි පිළියම් ලබා දුන්නොත් මේ තත්ත්වය මඟ හරවා ලන්නට පුළුවන්. ඒ වෙනුවෙන් තමයි අපි මේ වැඩසටහන දියත් කොට තිබෙන්නේ.සංවාද මණ්ඩප නාට්‍ය ඔස්සේ ජනතාවට ලබා දෙන්නේ කුමක් ද?
ඇත්තටම මේ හරහා අපි ප්‍රධාන වශයෙන් ඉටුකරගත යුතු කරුණු කාරණා ගණනාවක් ගැනම කතාබහට බඳුන් කරනවා. විශේෂයෙන් සමාජය සහ පුද්ගලයින් පෙළනා ගැටලුවලට විසඳුම් සෙවීම, ඒ හරහා කතා බහට ලක්වෙන මාතෘකාව සමඟ ඍජුවම සම්බන්ධවීමේ අවශ්‍යතාව, එම ගැටලුව විසඳීම් සඳහා පුළුල්ව සංවාදයට එළඹීමේ අවස්ථාව ලබාදීම, පුද්ගල සහ සමාජීය ප්‍රශ්න දෙස පුළුල්ව සහ ගැඹුරින් බැලීම, පුද්ගලයා තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම, බල රහිතයන් බලවත් කිරීම යනාදී කරුණු ගැන මේ නාට්‍ය ඔස්සේ විශේෂ අවධානයක් යොමු කරනවා.
මේ තුළ විනාඩි 20 ක පමණ කාලසීමාවකදී සැබෑ ජීවිතයේ ප්‍රායෝගික ගැටලු රඟ දැක්වීමක් සිදුවෙනවා. ඇත්තෙන්ම මෙය ප්‍රාසාංගික වැඩසටහනක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ ඔස්සේ විශාදය සහ සාංකාව දුර්වලතාවයේ සලකුණක් නොවන බවත් එය ශක්තිමත් වීමට කාලාන්තරයක් තිස්සේ දැරූ දැඩි උත්සාහයක ප්‍රතිඵලය විය හැකි බවත් යන කරුණු පෙන්වා දෙනවා. මේ තත්ත්වයන් අවම කර ගැනීමට උදව් වෙන ආධ්‍යාත්මික හා පාරම්පරික ක්‍රමවේද අපේ රටේ තවමත් ඉතිරිව තිබෙන බවත් මෙයින් පැහැදිලි කරනවා.
දිවි නසා ගැනීම් අතින් අපේ රට ඉහළම ස්ථානයක සිටිනවා. මෙය මානසික සෞඛ්‍ය පිරිහීමේ උච්චතම අවස්ථාවක් නොවේද?
අද ලංකාවේ සියදිවි නසා ගැනීම් නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා. විශේෂයෙන් ම අම්මලා දරුවන් සමඟ පාලම්වලින් ගංගාවලට පනිනවා. ළිංවලට පනිනවා. මේවා සේරම ඔවුන්ගේ මානසික තත්ත්වයන් පාලනය කරගන්න බැරිවීමෙන් සිදුවන අපරාධ. ඇත්තටම අපේ රට තිස් වසරක යුද්ධයක් පැවතුණු රටක්.
ඒ සමඟම ලංකාවේ සිදුවන අපරාධවලට මේ පශ්චාත් යුද මානසික ආතතියත් බලපානවා. වෙනත් විදේශීය බටහිර දියුණු රටවල් මේ සඳහා පිළියම් වශයෙන් මුදල් වියදම් කරලා විවිධ වැඩසටහන් මේ උදෙසා ක්‍රියාත්මක කරනවා. නමුත් මේ මානසික ආතතිය පිළිබඳ ප්‍රශ්නයේදී අපේ රටේ විසඳුම් සෙවීම තරමක් ප්‍රමාද වී තිබෙනවා. ඒ සඳහා අපිට පුළුවන් විදිහට විසඳුම් සමාජයට සොයා දීම තමයි අපේ වැඩසටහනේ අරමුණ.
මේ වැඩසටහන ඔස්සේ ළමා මනසටත් කතා කරනවාද?
ඔව්. අද ළමා පරපුර ගත්තොත් කෝපය හා මානසික ආතතිය වැඩි වශයෙන් ම ඔවුන්ට බලපානවා. අපි පොඩි කාලේ වගේ නෙමෙයි. අද දරුවන්ට ඉගෙනීමට ඇති විෂය පථය හරි විශාලයි. දරුවන්ට පාසලේදී, නිෙවසේදී පැවරෙන වැඩ වගකීම් වැඩියි. සමහරවිට දරුවන්ට සෙල්ලම් කරන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්. අද ළමයින්ට වඩා අම්මලා තමයි පාසලේ තරගයට මුහුණ දීලා තියෙන්නේ. දරුවන්ගේ පාසල් වැඩ හැමදේම කරන්නේ අම්මලා. මේවා නිවැරදි ලෙස මෙහෙයවා ගැනීමට ඔවුන් දන්නේ නැහැ.
ඒ නිසා මව්පියන් ළමයින් අතරේ විවිධ මත ගැටුම් ඇති වෙනවා. මේ ඔක්කොම ආතතියේ හා කෝපයේ ප්‍රතිඵල. ඉන්පසු අපරාධවලට, යුද්ධවලට මේ අය යොමුවෙනවා. මෙන්න මේ දේවල් වෙනස් කර මිනිසුන් සමඟ මේ කාරණා කතා බහ කොට මිනිසුන් යහපත් මානසික ජීවිතයකට හුරුකර වීමෙන් ඔවුන්ට යහපත් ජීවිතයකට මුහුණ දෙන්න පුළුවන්.
මේ සඳහා ඔබට උපකාර කරන පිරිසක් ඇති...?
ඔව්. මේ සද්කාර්ය වටහාගෙන මෙහි බරපැන උසුලන්නේ බේරුවල බාබරීන් ආයුර්වේද නිකේතන සමූහයට අයත් සුදන රොඩ්රිග්‍රෝ සහන පදනමයි. ඒත් එක්කම වෛද්‍ය කපිල රණසිංහ සහ වෛද්‍ය නීල් ප්‍රනාන්දු උපදෙස් ලබා දෙමින් ෙමය මෙහෙයවීමට මට සහාය වෙනවා. ඒ අයගේ උපකාරය ස්තූති පූර්වකව මතක් කර සිටිනවා.
තුෂාරි වික්‍රමසිංහ
Posted in:
හුඟක් අපරාධවලට මුල මිනිසුන්ගේ මානසික රෝග

0 comments for "හුඟක් අපරාධවලට මුල මිනිසුන්ගේ මානසික රෝග"
Leave a reply