ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

මන්දමානසික තරුණියට අතවර කළ ඥාති සොහොයුරා


වලස්මුල්ල පල්ලෙකන්ද ප්‍රදේශයේ 27 හැවිරිදි මන්දමානසික තරුණියකට අතවර කළ ඇයගේ ඥාති සහෝදරයකු වලස්මුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 13 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

වලස්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කරන ලද පරීක්‍ෂණවලදී මොහු හමුදා සේවයේ යෙදී සිට ඉන් ඉවත් වී ඇති විවාහකයකු බවත් ඔහුගේ බිරිය දරු ප්‍රසූතියෙන් පසු ඇයගේ මවගේ නිවෙසට
ගොස් සිටියදී මෙම අතවරය සිදුවී ඇති බව හෙළිවී ඇත.

අතවරයට ලක්වූ මන්දමානසික තරුණිය ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා ඇත. වැඩිදුර පරීක්‍ෂණ වලස්මුල්ල පොලිස් ස්ථානාධිපති සුමිත් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකරයි.

Posted in:

0 comments for "මන්දමානසික තරුණියට අතවර කළ ඥාති සොහොයුරා "

Leave a reply