ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ජනාධිපති මලයා ‘කෝල් ටර්මිනේෂන්‘ ජාවාරමෙන් දිනකට ලක්ෂ 20-30 ත් අතර මුදලක් දිනපතා ගසා කන හැටි මෙන්න

ටෙලිකොම් සභාපති ජනාධිපති මලයා කුමාරසිංහ සිරිසේන විසින් ‘කෝල් ටර්මිනේෂන්‘ ජාවාරම මගින් ටෙලිකොම් සමාගමට ලැබිය යුතු ආදායමක් ගසා කමින් දිනකට රුපියල් ලක්ෂ 20-30 ත් අතර අධික මුදලක් බැගින් තම සාක්කුවේ දමා ගන්නා බවට පැහැදිලි සාක්කි මේ වන විට හෙලිවෙමින් පවතී.

මේ සඳහා ඇති එක් පැහැදිලි සාක්කියක් වන්නේ කුමාරසිංහ ටෙලිකොම් සභාපති ලෙස පත් වීමට පෙර ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් (IDD) විනාඩි මිලියන 30 ක් මසකට හරි හම්බ කළ ටෙලිකොම් සමාගම ජනාධිපති මලයා සභාපති වීමෙන් පසු ජනවාරි අවසන් වන විට මසක ඉපැයිම විනාඩි මිලියන 17 ක් දක්වා එනම් 43% කින් අති දැවැන්ත ලෙස කඩා වැටීමයි. ජනාධිපති මලයාම සභාපතිත්වය උසුලන මොබිටෙල් සමාගමේ තත්ත්වය මීටත් වඩා භයානක වී ඇති අතර එහි  කඩා වැටීම 50% කට වඩා වැඩි වී තිබේ.

නව ජාත්‍යන්තර දුරකථන භාවිත ආකාරයන් වෙනස් වීම මත කිසියම් කඩා වැටීමක් දක්නට ලැබිය හැකි වුවද මේ තරම් අති විශාල ප්‍රමාණයකින් කඩා වැටීමක් කිසිසේත්ම සිදුවිය හැක්කක් නොවේ. මන්ද යත් වෙනත් දුරකථන සමාගම් වල ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් විනාඩි ගණන මේ තරම් දැවැන්ත ලෙස කඩා වැටී නැති නිසාය. මෙය ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් වල ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් ‘කෝල් ටර්මිනේෂන්‘ නමැති ජාවාරම මගින් ජාවාරම් කරුවන්ගේ අතට පත්ව ඇති බවට ප්‍රබලතම සාක්කියකි.

ජනාධිපති මලයා කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සමාගමේ සභාපති ධූරය බලහත්කාරයෙන් ලබා ගැනීමට පෙරද රාජපක්ෂ යුගයේදී මෙකී කෝල් ටර්මිනේෂන් ජාවාරම ටෙලිකොම් සහ මොබිටෙල් හරහා සිදුකරන ලද අතර එම ජාවාරම් කරුවන් ඊට අවස්ථාව සලසා දෙනවාට නාමල් රාජපක්ෂට දිනකට රුපියල් ලක්ෂ 10 බැගින් ගෙවා තිබේ. එසේ වී නමුත් මේ තරම් දැවැන්ත ගණනකින් සමාගම් ද්විත්වයේ IDD විනාඩි මිලියන ගණන කඩා වැටී නැත. ඉන් පැහැදිලි වන්නේ වත්මන් ජාවාරමුන් නාමල්ගේ කාලයට වඩා දෙතුන් ගුණයකින් කෝල් ටර්මිනේෂන් ජාවාරම කරන බවයි. එනම් නාමල්ට දිනකට ගෙවූ ගානට වඩා දෙතුන් ගුණයක් එනම් දිනකට ලක්ෂ 20-30 ත් අතර මුදලක් දැන් ජනාධිපති මලයාට ගෙවන බවයි.

කෝල් ටර්මිනේෂන් ජාවාරම කරන්නට නම් ටෙලිකොම් හෝ මොබිටෙල් වැනි දුරකථන සමාගම් වලින් තොග ගණනින් ජාත්‍යන්තර දුරකථන ඇමතුම් විකිණීමේ උප කොන්ත්‍රාත් ලබා ගත යුතුය. අතීතයේ E1 නමැති තාක්ෂනයකින් එය ලබා ගත් අතර එහිදී ලැබුනේ එක් E1 ලයින් එකකින් දුරකථන ඇමැතුම් 30 ක් එකවර ලබා ගැනීමේ පහසුවයි. දැන් SIP නමැති නව තාක්ෂනය නිසා එකවර දුරකථන ඇමැතුම් විශාල ගණනක් ලබා ගැනීමේ පහසුව ලැබී තිබේ. කෝල් ටර්මිනේෂන් කරන ජාවාරම් කරුවා කරන්නේ මෙකී පහසුකම හරහා ගන්නා දුරකථන ඇමැතුම් ටෙලිකොම් හෝ මොබිටෙල් සමාගමට හොරෙන් ලබාගෙන එම සම්පූර්ණ මුදල තමන්ගේ සාක්කුවේ දමා ගැනීමයි. මෙකී කෝල් ටර්මිනේෂන් ජාවාරමුන් අල්ලා ගැනීම සඳහා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් සතුව උපකරණ ද පිරිස් ද සිටින නමුත් ජනාධිපති මලයා කුමාරසිංහ සිරිසේන එකී අංශ අක්‍රීය කර දමා තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව තමන්ගේ කෝල් ටර්මිනේෂන් ජාවාරමුන්ට රැකවරණය ලබා දීමට ය.

රාජපක්ෂ රෙජීම යුගයේ මෙකී ජාවාරමේ කෙළ පැමිණියෙකු වූද, නාමල් ලා සමග ජාවාරම මෙහෙයැවූවා වූද, රංජිත් රුබසිංහ නමැත්තා මොබිටෙල් සමාගමේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කරන ලෙස යහපාලනවාදී අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි තුසිත හල්ලොලුව සහ ක්‍රිෂාන්ත කුරේ වැනි පිරිස් ඉල්ලා සිටියේ ඔහු මගින් මෙකී ජාවාරම යලි යලිත් සිදුකරගෙන යෑමට ඇති ඉඩ කඩ තිබීම නිසාය.(ඔහු කරන ලද දූෂණ ගැන දැනටමත් FCID සහ CID පරීක්ෂණ පැවැත්වේ) නමුත් ජනාධිපතිවර සහ මලයා එකතු වී කෙළේ අන් දෙයකි. හොරා ඉවත් කරනවා වෙනුවට හොරා ඉවත් කරන්නැයි ඉල්ලා සිටි හල්ලලොලුව සහ කුරේ ඉවත් කිරීමය. පසුව කාරණය හෙලිදරව් වෙනවාට රංජිත් රූබසිංහ මොබිටෙල් සමාගමේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර ටෙලිකොම් සමාගමේ ටෙලිකොම් සරසවියට පත් කරන ලදී. ටෙලිකොම් සමාගමේ ද මොබිටෙල් සමාගමේද සභාපති වන්නේ ජනාධිපති මලයාම බැවින් රංජිත් රූබසිංහගේ ඉවත් කිරීම වංචාවකි. එක් අතකින් ඉවත් කර අනෙක් අතට දීමකි.

කෙසේ වෙතත් කුමාරසිංහ සිරිසේන දිනපතා ගසා කන මිලියන ගණන් මුදලින් කොටසක් ජනාධිපති මෛත්‍රී අතට යන්නේ නැතැයි සිතිය නොහැක්කේ ජනාධිපති මෛත්‍රී තම මලයා සුද්ධ කරන සුද්ධ කිරිල්ල අසාමාන්‍ය නිසාය.

මේ මහා පරිමාන ගැහිල්ල ගැන ඇමැති හරීන්ද දැන දැන නොදන්නවා සේ සිටිනවාද? ඇමැතිවරයා අභිබවා ජනාධිපති මලයා ක්‍රියා කරන බැවින් කර කියා ගත නොහැකිව බලා සිටිනවා ද? යන්න නොදනී.

Posted in:

1 comment:

  1. Mamath me news eka danatamath kihipa sarayak balala thiyenawa..Yahapalanaya karanawa nam Mayithripala ayi thamange malayawa ayin karanne nathuwa gasa kanna ida deela thiyenne?

    ReplyDelete