ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

චම්පික රණවකගේ පියා කළුරිය කරයි---

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ පියා වූ ආර්.ඒ. සෝමපාල රණවක මහතා අවු.87 ක් ආයු විඳ අභාවප්‍රාප්ත වී තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු 2016 මාර්තු 09 වන බදාදා සවස 5.00 ට දෙහිගහවෙල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතය.

පාංශකූල කටයුතු එදින සවස 2.00 ට ආරම්භ වේ. අවමංගල පෙරහැර එදින සවස 4.00 ට නිවසින් පිටත්වේ. දේහය මේ වනවිට පල්ලෙකුඹුර, බෝතලේගම, බුලත්සිංහල නිවසේ තැන්පත් කර තිබේ.

(නිවසට යන ගමන්මග - ඉංගිරිය නගරය පසුකර රත්නපුර පාරේ කි.මී. 1ක දුරක් යනවිට දකුණට ඇති ඈගල්ඔය පාරේ කි.මී. 6 ක් යනවිට වෙල් යායත් සමග දකුණු පසින් නිවස පිහිටා තිබේ.)

Posted in:

0 comments for "චම්පික රණවකගේ පියා කළුරිය කරයි---"

Leave a reply