අනුර සේනානායක ඇත්ත වමාරා රජයේ සාක්කි කරුවෙක් වීමට කැමතියි..! රජයේ තීරණයක් නෑ..!! අනුරට පෙර තවත් පොලිස් නිලධාරීන් 2 ක් අත් අඩංගුවට
තජුඩීන් ඝාතනයේ පරීක්ෂණ රිය අනතුරක් සේ විකෘති කර සත්‍ය තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කුප්‍රකට අනුර සේනානානායක අත් අඩංගුවට ගැනීමට පෙර තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව ඊ නිව්ස් වෙත වාර්තා වේ.
තජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා රහස් පොලිසිය විසින් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද අතර ඔහුගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු 21 දා ඔහු අධිකරණයට ඉදිරිපත් කර මැයි 05 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය.
එහිදී රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් ලංකා ඊ නිව්ස් 20 දා රාත්‍රී “තජුඩීන් ඝාතනයේ සාක්කි වසන් කළා යැයි අත් අඩංගුවට ගත් අයිපී චම්පික පෙරේරා වමාරයි..! “ මැයෙන් පළ කළ ප්‍රවෘත්තියේ සඳහන් කරුණුම ඉදිරිපත් කර තිබිණ. තජුඩීන්ගේ මරණය පිලිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු නොකරන ලෙසට තමාට උසස් පොලිස් නිලධාරීන් උපදෙස් ලබා දුන් බවත් මනුෂ්‍ය ඝාතනය රිය අනතුරක් ලෙස හුවා දක්වමින් මනුෂ්‍ය ඝාතනයක් යටපත් කිරීමට එහිදී උසස් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුම කටයුතු කර ඇති බවත්, එකී පොලිස් නිලධාරීන් විසින් ගරු අධිකරණයට ද අසත්‍ය කරුණු වාර්තා කරමින් නොමග යවා ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
ඒ අනුව අනුර සේනානායකට පෙර නාරාහේන්පිට පොලිසිය බාරව එවකට කටයුතු කළ එහි ස්ථානාධිපති වරයාත් ඔහුට උපදෙස් දුන් සහකාර පොලිස් අධිකාරී වරයෙකුත් අත් අඩංගුවට ගැනීමට නියමිතය. අනුර සේනානායකගේ වාරය එන්නේ ඔවුන් ලබා දෙන කට උත්තර වලින්ද පසුවය.
මේ අතර තමා රජයේ සාක්ෂිකරුවෙකු වීමට කැමැති යයි දන්වමින් අනුර සේනානායක රහස් පොලිසියට පණිවුඩයක් එවා ඇති අතර තමන් රාජපක්ෂලා කළ සියළු දෑ හෙලිකරන්නට සූදානම් යැයි කියමින් අනුර සේනානායක රජයේ ඉහළ පෙලේ ඇමැතිවරුන් කිහිප දෙනෙකු වෙත පණිවුඩ පිට පණිවුඩ යවා ඇතැයිද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
බලපෑම් මත ක්‍රියා කළ අනෙක් පොලිස් නිලධාරීන් රජයේ සාක්කි කරුවන් කර ගත්තද එකළ පොලිස්පතිවරයාද නොතකා ක්‍රියා කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක රජයේ සාක්කි කරුවෙකු කර ගන්නවාද?, එසේ නැතිනම් ඔහු චුදිතයෙක් කරනවාද? යන්න ගැන පරීක්ෂණ මෙහෙයවන්නන් මෙතෙක් තීරණය කර නැතැයිද අප අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වැඩි දුරටත් වාර්තා වේ.
අනුර සේනානායක වසන් කරන ලද රාජපක්ෂලාගේ අපරාධ මෙන්ම ඔහු මෙහෙයැවූ රාජපක්ෂලාගේ අපරාධ රාශියකි. ඒවා අතර තජුඩීන් ඝාතනය පමණක් නොව කටුගෙයි කඩු සොරකම, කෝට්ටේ රජ මහා විහාරයේ හිමිවරුන් ඝාතනය, නුවර පාරේ සිසු ඝාතනය, සිරගෙදර සිරකරුවන් ඝාතනය, ලොකු සීයාගේ ඝාතනය, ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබීම, කොළඹ කච්චේරිය ගිනි තැබීම, කොළඹ සුදු වෑන් වලින් පැහැරගෙන අතුරුදහන් කරවීම් සහ කොළඹ වටිනා ඉඩම් මංකොල්ලා කෑම් ආදී රාශියක් වෙති.
මෙවැනි අපරාධකරුවෙකු වූ අනුර සේනානායක බේරා ගැනීමට කිසියම් දේශපාලනඥයෙකු ඉදිරිපත් වුවහොත් ඒ ජනතා ද්‍රෝහියා කව්දැයි ජනතාවට හෙලි කරන බවද ඊ නිව්ස් ජනතාවට ශපථ කරමු..

Posted in:

Now the time for boundaries. Hit the six and fours.
ReplyDelete