ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

සවුත්ලන්ඩ්හි ඇට්ටර විදුහල්පතිනිය අනාචාරේ ගොස් හසුවී නඩු වැටී තමන්ගේම දරුවන්ගේ බාරකාරත්වය පවා ඉවත් කළ එකියක්..! ඇමැති වැඩ තහනම් කළත් රාජ්‍ය සේවා කොමිසම අනාචාර එකිය බේරා ගන්න පෙරට ඇවිත්

තමාම ඉල්ලූ මාරුව ලබා දුන් පසු එය නොතකා පිස්සුවෙන් මෙන් හැසිරෙන ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවේ ඇට්ටර විදුහල්පතිනිය ශාන්තිනී සෙනෙවිරත්න වහා ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කරන්නැයි අඛිල විරාජ් අධ්‍යාපන ඇමැතිවරයා අධ්‍යාපන ලේකම් වරයාට නියෝග කර ඇති නමුත් රාජ්‍ය සේවා කොමිසම ඊට හරස් වී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

විදුහල්පති පත්වීම් උසස් වීම් ආදිය සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අවසරය අවශ්‍ය වුවද කිසියම් විනය විරෝධී, මූල්‍ය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කොමිසමේ ‘ආවරණ අනුමැතියට යටත්ව‘ වැඩ තහනම් කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරයාට තිබේ. එසේ නොමැති වුවහොත් ආයතන පවතවාගෙන යෑමට නොහැකි වනවා ඇත.

ශාන්ති සෙනෙවිරත්නගේ ඇට්ටර හැසිරීම පසෙක තැබුවද ගිණුම් කිහිපයක් පවත්වාගෙන යමින් පාසැලේ මූල්‍ය විනය ආරක්ෂා කර නොමැති වීම ම වැඩ තහනම් කළ හැකි වරදකි.

එසේ තිබියදී කොමිසමේ ‘ආවරණ අනුමැතියට යටත්ව‘ මෙම ඇට්ටර කාන්තාවගේ වැඩ තහනම් කිරීම කළ නොහැකි යයි රාජ්‍ය සේවා කොමිසම විසින් අධ්‍යාපන ලේකම් ඩබ්.එම්.බන්දුසේන මහතාට දැනුම් දී තිබේ. නමුත් මීට පෙර වෙනත් විදුහල්පතිවරුන්ගේ වැඩ තහනම් කරද්දී එවැනි කතාවක් කියා නැති අතර ශාන්තිනී සෙනෙවිරත්න සම්බන්ධයෙන් පමණක් කොමිසමට ආදරයක් ඇති වී තිබේ. වාර්තා වන අන්දමට ඇයගේ ‘මායම් ගින්නට‘ හසුවූ රාජ්‍ය සේවයේ ප්‍රකට කටකාර ප්‍රබලයෙකු විසින් කොමිසමට බලපෑම් කර ඇත.

ශාන්ති සෙනෙවිරත්න විසින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග වලට පටහැනිව නව විදුහල්පතිනියට විදුහලේ වැඩ කරගෙන යෑමට ඉඩ නොදී බලහත්කාරීව හැසිරී මේ වනවිට දින 5 ක් පමණ වේ. නමුත් ඇය තවමත් සවුත්ලන්ඩ් බාලිකාව ‘සවුත්තු ලන්ත බාලිකාවක්‘ බවට පත් කරමින් අත්තනෝමතිකව හැසිරේ.

2016 මාර්තු 23 වැනි දාතමින් යුතු ලිපියක් යවමින් විදුහල්පතිනිය විසින්ම විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට තෝරා පත් කර ගත් සිසුවියන් 50 දෙනකු අතුරෙන් හතර දෙනකු පමණක් බාර ගෙන ඉතිරි පිරිස ඇය විසින්ම නැවත හරවා යවන ලදී. ඊට හේතු ලෙස ඇය පවසා ඇත්තේ දැන් තමා මාරු කර ඇති නිසා ලමයන් බාර ගත නොහැකි බවයි. නමුත් ඇය මාරු කර ඇත්තේ මාර්තු 17 වෙනිදා වන අතර ඇය මේ දැරිවියන් තෝරාගත් බව දන්වා ලිපි යවා ඇත්තේ මාර්තු 23 දා ය. තම දැරිවියන් හිටපු පාසැල් වලින් අස්කරගෙන පැමිණියද සවුත්ලන්ඩ් බාලිකාවට බාර නොගත් බැවින් දෙමාපියෝ අන්ත අසරණ තත්ත්වය පත්ව සිටිති.

මේ ආකාරයෙන් පිස්සු කෙලීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි නමුත් මෙම විකාරකාර කාන්තාව ලමයින් 5000 ක් පමණ ඉගෙන ගන්නා පාසැලක් අවමානයටත් පිස්සන් කොටුවකටත් පත් කර තිබේ.

ශාන්තිනී සෙනෙවිරත්න යනු තමන්ට ලොකු මහත් වූ දරුවන් සිටියදී වෙනත් පුරුෂයන් සමග හෝටල් ගානේ අනාචාරේ ගොස් තමන්ගේ ස්වාමියාටම හසුවී නන්නත්තාර වූ අවලම් ගැහැණියකි. මේ සියල්ල සම්බන්ධ නඩුවක් එච්.සී.36 දරණ නඩු අංකය යටතේ ගාල්ල දිසා අධිකරණයේ දී විභාග විය. ඇය තමාගේ දරුවන් බලා කියා ගැනීමට නුසුදුසු කාන්තාවක් ලෙස සලකා අධිකරණය විසින් 2005 දී දරුවන්ගේ බාරකාරත්වය පියාට පවරා තිබේ. සත්‍ය වශයෙන් නම් එවන් චරිතයක් ඇති ගැහැණියකට කාන්තා විද්‍යාලයක විදුහල්පති ධූරයක් දැරීමට තබා නිවසක වළං හේදීමවත් බාර දෙන්නේ නැත. නමුත් පෙර තිබූ වනචර දශකයේ පාලකයන්ට එය ගානක් නොවීය. ඇයට සවුත්ලන්ඩ් පාසැලේ දැරියන් 5000 කගේ ඉරණම බාර දුන්නේය. මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය අයෙකුට ඉහත නඩු කොපිය ලබාගෙන ශාන්ති සෙනෙවිරත්නගේ කැරැට්ටුව දැන ගත හැකිය.

කෙසේ වෙතත් පසුව දේශපාලකයන්ගේ සහ බලවතුන්ගේ අතින් අත යන ‘භාණ්ඩයක්‘ බවට පත්වූ මෙම කාන්තාව දැන් තම හයිය පෙන්වීමට එම කුපාඩි සම්බන්ධකම් අත්වැලක් කර ගෙන තිබේ.

පසු සටහන:
ශාන්ති සෙනෙවිරත්න විසින් සට්ටැඹි කාන්තාවන් සහ පුරුෂයන් පිරිසක් යොදවා පවත්වන ලද තමන්ට පක්ෂ විරෝධයේදී සවුත්ලන්ඩ් සිසුවියකට පහර දීම සම්බන්ධයෙන් පොල්වත්ත ලියනගේ වසන්ති නමැති කාන්තාව සහ පි.ජි.සුසන්ත නමැති පුරුෂයා අත් අඩංගුවට ගෙන 7 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. තවත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට නියමිත ය.

Posted in:

0 comments for "සවුත්ලන්ඩ්හි ඇට්ටර විදුහල්පතිනිය අනාචාරේ ගොස් හසුවී නඩු වැටී තමන්ගේම දරුවන්ගේ බාරකාරත්වය පවා ඉවත් කළ එකියක්..! ඇමැති වැඩ තහනම් කළත් රාජ්‍ය සේවා කොමිසම අනාචාර එකිය බේරා ගන්න පෙරට ඇවිත්"

Leave a reply