ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අමරදේවගේ ප්‍රසංගයේ සංවිධායන්ට බිරිඳට අමතක වෙලා


අමරදේවයන්ගේ 85 වැනි ජන්ම දිනයට සමගාමීව ඔහුට උපහාර වශයෙන් "අමරදේව" නමින් සුවිශේෂී ප්‍රසංගයක් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වුණි.එදින ඔහුගේ බිරිඳ වන විමලා අම්‍රදේව මහත්මියගේ උපන්දිනයද යෙදී තිබුණි.
නමුත් අමරදේවයන්ට උපහාර පිණිස පැවැත්වූ ප්‍රසංගයේදී  ඔහුගේ ප්‍රියාදර බිරිඳ වන විමලා අමරදේවයන්ට  ප්‍රසංගයේදී වාඩි වීමට අසුනක් වෙන් කිරීමට සංවිධායකයන්ට අමතක වීය.

හෙළයේ ගාන්ධර්වයා ලෙස සිය සැමියා හැඳින්වුවද ඔහුගේ ප්‍රසංගයේදී තමට අසුනක් අහිමිවීම කෙතරම් කනගාටුවට කරැනක්ද.කෙසේ වෙතත් අමරදේව මහත්මියට අසුන් ගැනීමට ස්ථානයක් සොයාදෙන්නට ශාලාවේ සිටි ප්‍රේක්ෂයන්ගෙන් ඉල්ලීමක් කිරීමට සංවිධායකයන්ට සිදුවිය.
 ප්‍රවේශපත් ලෙස විකිණී තිබුණු හා ප්‍රභූන්ට වෙන් කළ අසුන් කිසිවක් ඇය වෙනුවෙන් ලබාදීමට සංවිධායකයෝ අපෝසත් විය.
අවසානයේ ඇයට ලැබුනේ වේදිකාව ආසන්නයේම පවතින ප්‍රසංගය නැරඹීමට පවා අපහසු ස්ථානයක පිහිටි අසුනකි.අමරදේවයන් ඇගයීම් පිණිස ප්‍රසංගයක් සංවිධානය් කිරීම අගය කළ යුතු කටයුත්තක් වුවද අමරදේව මහත්මිය අමතක කර දමන්නට සංවිධායක්යන් නොසැලකිලිමත් වීම කණගාටුවට කරුණකි. මෙය සංවිධානය කර තිබුනේ සුධර්ම නෙත්ති කුමාර විසිනි

Posted in: , ,

1 comment: