ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

දින පහක්‌ වයසැති කිරිකැටි බිළිඳියක් රුපියල් ලක්‍ෂ 2 යි

අවිස්‌සාවේල්ල මූලික රෝහලේ සුළු සේවිකාවක විසින් දින පහක්‌ වයසැති කිරිකැටි බිළිඳියක රුපියල් ලක්‍ෂ දෙකකට විකිණීමට ගෙනයමින් සිටියදී අවිස්‌සාවේල්ල පොලිසිය විසින් සැකකාරිය සමඟ බිළිඳිය 10 දා  අත්අඩංගුවට ගෙන තිබේ.ජාතික ළමාරක්‍ෂක අධිකාරිය මගින් කළ දැනුම්දීමකට අනුව අවිස්‌සාවේල්ල පොලිස්‌ නිලධාරීන් විසින් දරුවා සමඟ සැකකාර කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දරුවාගේ මව සීතාවක කර්මාන්තපුරේ සේවිකාවක බවත් ඇය දැරණියගල ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක බවත් පොලිසිය කළ පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
මෙම දරුවා මිලදී ගැනීමට 10දා උදෑසන අවිස්‌සාවේල්ල
නගරයට ආසන්න ස්‌ථානයකට ගනුදෙනුකරුවන් කිහිපදෙනකු පැමිණ ඇති අතර ඒ අය දරුවා මිලදී නොගන්නේ නම් මැදපෙරදිග රටකට විකිණීමට තීරණය කර සිටි බව සැකකාරිය පොලිසියට පවසා ඇත.
දැනට එම දරුවා රෝහල් ගත කර ඇති අතර මව අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සීතාවක පොලිසිය සහ පොලිස්‌ කාන්තා කාර්යාංශ නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

Posted in:

0 comments for "දින පහක්‌ වයසැති කිරිකැටි බිළිඳියක් රුපියල් ලක්‍ෂ 2 යි"

Leave a reply