ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ජනාධිපති අන්ද්‍රා ප්‍රදේශයේ ගමනේ දි විරොධතා


බුද්ධගයා පුණ්‍යභුමිය වැඳපුදාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ඉන්පසුව ගියේ අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි සුප්‍රකට තරුපති වෙන්කටෙශ්වර කොවිලටයි.
ජනාධිපතිගේ මෙම වන්දනා ගමන පිළිබඳව කල්ඇතිව තොරතුරු ආරංචිවීම නිසා තමිල්නාඩුවේ සමහර කොටස් එම ගමන වළක්වාලීම සඳහා විවිධ උපක්‍රම යොදා තිබුණි.
එහිදී කළුකොඩි ඔසවා විරෝධයපෑමේ වෑයමක් වෛකෝගේමුලිකත්වයෙන් තමිල්නාඩුවේ ශ්‍රීලංකාවට එරෙහි කණ්ඩායම් සහ කරුණානිධි සහායකයෝද සංවිධානය කළහ. අවසර නොමැතිව කෑකෝගසමින් අසංවර ලෙස හැසිරුණු මෙම පිරිස් සංවරකිරීමට ඉන්දියා පොලීසියට බලවත් පරිශ්‍රමයක් ගැනීමට සිදුවිය.
ඉන්දියා ආරක්ෂක අංශ ජනාධිපති සහ ඔහු සමග පැමිණි 70
දෙනෙකුගෙන් යුතු කණ්ඩායම තිරුපති ගුවන්තොටුපළ වෙතවිශේෂ ගුවන් යානයකින් පැමිණි පසුව කිලෝමීටර් 15 දුරින් පිහිටි අලිපිරිකඳුපාමුල දක්වාත් එතැන් සිට කිලෝමීටර් 18ක දුරින් පිහිටි තරුමාලා කෝවිල වෙතත් කැඳවාගෙන යාම සඳහා පෙර නොදුටුවිරූ අන්දමේ උපරිම ආරක්ෂාවක් සැපයුබව ඉන්දියානු පොලිසිය පවසයි.
ජනාධිපති ඇතුළු කණ්ඩායම එහිදී විශේෂ පුජාවක් පැවැත්වීය.








Posted in: ,

0 comments for "ජනාධිපති අන්ද්‍රා ප්‍රදේශයේ ගමනේ දි විරොධතා"

Leave a reply