ශ්‍රී ලංකාවේ 65 වන නිදහස් දින සමරු උළෙල ලන්ඩනයේ සැමරු අයුරු
ශ්‍රී ලංකාවේ 65 වන නිදහස් දින සමරු උළෙල ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම නිදහස් දින සමරු උත්සවයට විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ද තානාපති නිලධාරීහු ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සහ සාමි මන්ත්‍රණ මණ්ඩල මන්ත්‍රීවරු ද පොදු රාජ්‍ය මණ්ඩල නිලධාරීවරීහු ද බුද්ධි මණ්ඩල සාමාජිකයෝ ද 180ක් පමණ දෙනෙක් සහභාගී වුහ.ශ්‍රී ලංකාවේ සෑම අංශයකම සිදුවන සංවර්ධන ප්‍රගතිය ගැන විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා විශේෂ දේශනයක් පැවැත්වීය.
උත්සවය අතරතුරේ සිංහල, ද්‍රවිඩ සහ ඉස්ලාම් සංස්කෘතික අංගයක් ඇතුළත් නැටුම් ගැයුම් ද පැවැත්විණි. ශ්‍රී
ලංකාවේ වර්තමාන ප්‍රගතිය විදහා දැක්වූ ඡායාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්විණි.
Posted in:
sri e news












0 comments for "ශ්‍රී ලංකාවේ 65 වන නිදහස් දින සමරු උළෙල ලන්ඩනයේ සැමරු අයුරු"
Leave a reply