ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

අසාද් සාලි නාම ලේඛනයේ නම තිබුනට පාසල් ගිහින් නැහැ


බෞද්ධයාගේ ඉවසීම, සහනසීලීත්වය වැරදි විදියට තේරුම් ගෙන බෞද්ධයින් තළන්නට පෙළඹුණහොත්, ඊට කිසිවිටෙක ඉඩ නොදෙන බව නැගෙනහිර පළාතේ සන්ධාන මහ ඇමතිවරයාට මතක් කර දෙන බව බස්නාහිර පළාත් සභා ඇමති උදය ගම්මන්පිල මහතා තරවටු කරයි.

'බොදු බල සේනා 'සංවිධානය අන්තවාදී සංවිධානයක් යැයි පැවසීමට තරම් ඔවුන් කර ඇති අන්තවාදී ක‍්‍රියාව කුමද්දැයි හෙතෙම කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවකදී ප‍්‍රශ්න කළේය.

ඉස්ලාම් මූලධර්මවාදය භයානක, ප‍්‍රචණ්ඩ වූවක් බවත් බෞද්ධ මූලධර්මවාදය කියන්නේ ප‍්‍රායෝගික නොවන මට්ටමේ අහිංසක වූ දර්ශනයක් බවත් ප‍්‍රකාශ කල ගම්මන්පිල මහතා මෙසේද කීය.

'' බොදු බල සේනා සංවිධානය විසින් බෞද්ධයින් වෙනුවෙන් නගන හඩට අපි අපගේ ගෞරවය, ඇල්ම, ළැදියාව දක්වනවා. එලෙස පෙනී සිටීම වෙනුවෙන් අපගේ සහයෝගය පළකර තිබෙනවා.

අසාද් සාලි මහතා මගෙත් පාසල් සගයෙක්. ඔහු දිගින් දිගටම එතුමාගේ පාසල් සගයෙක් වන බොදු බල සේනා සංවිධානයේ සම්බන්ධීකාර ඩිලන්ත විතානගේ මහතාටත් මටත් පහර දෙනවා.

අපි ඔක්කොම කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ අය.
මමත් ඩිලන්ත මහතාත් ඞී. එස්. සේනානායක විද්‍යාලයෙන් බිහිවීම ගැන විද්‍යාලය ලැජ්ජා වෙනවා කියලා අසාද් සාලි මහතා දිගින් දිගටම කිව්වා.

මුස්ලිම් ජාතිය වෙනුවෙන් හඩ නගන මුස්ලිම් කොංග‍්‍රසයේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම්වරයාත් අපේ පාසලේ. ඔහු නිසාම් කාරියප්පන් අයියා. අපි ආඩම්බරයෙන් කියනවා ඩිලන්ත අයියා, නිසාම් අයියා අපේ පාසලේ කියලා. නමුත් අසාද් සාලි මහත්තයාව අපේ පාසලේ සංස්කෘතිය අනුව ඔහු අපේ කියාලා කියන්න බැහැ. පාසලේ නාම ලේඛනයේ නම තිබුණු පමණින් ඞී. එස්. වෙන්න බැහැ.

මගේ ඩිලන්ත අයියාගේ හා නිසාම් අයියාගේ අධ්‍යාපන ප‍්‍රතිඵල දිහා බැලූවාම පේනවා අපේ නම නාම ලේඛනයේ තිබුණා පමණක් නොවේ අපි පාසල් ඇවිල්ලා එහි සංස්කෘතිය හරියට ඉගෙන ගත්තා කියලා. නමුත් සාලි මහතාගේ ප‍්‍රතිඵල බැලූවාම පේනවා එතුමා නාම ලේඛනයේ නම තිබුනට පාසල් ඇවිත් නැහැ කියලා.

එම නිසා සාලිගේ පාසල ඞී. එස්. කියලා කියන්න එපායි මා ඔහුගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.'' යයි ඔහු වැඩිදුරටත් පැවසිය.

Posted in:

1 comment:

  1. ELA COMMENT EKA. SALI ISKOLE GIHIN NEHA...

    ReplyDelete