ගීතා කුමාරසිංහ උද්දඡ්චකමින් අහංකාර කමින් පිරිච්ච දාඩිය ගද සුවද දන්නේ නැති පන්සලක අදින ඇදුම දන්නේ නැති කෙනෙක්
බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා කුමාරසිංහ ඉවත් කරන්නැයි බලපෑම් එල්ල වෙයි.මාධ්‍ය ඇමතූ බෙන්තර ඇල්පිටිය ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මේ බව සදහන් කලේය.මේ සම්බන්ධයෙන් මිට මාස 6කට පෙර ජනාධිපතිවරයාට සහ පක්ෂ මහ ලේකම් වරයාට ලිඛිතව දැන්වු බවත් මෙම මන්ත්‍රීවරු සදහන් කළහ.ගීතා කුමාරසිංහ මහත්මිය ඉවත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරු 10 දෙනෙක් ගේ අත්සනින් මෙම ලිපිය යොමුකර තිබේ.
මේ පිලිබදව මාධය දැනුවත් කිරීම සදහා පැවති හමුවේදී අදහස් දැක්වු දකුණු පළාක් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා
“දැන් අද වෙනකොට අද වෙන විට ශාඛා සමිති පිහිටුවීමකින් තොරව බල මණ්ඩල පිහිටුවිමකින් තොරව කිසිදු දේශපාලන සාකඡ්චාවකින් තොරව ගීතා කුමාරසිංහ මැතිණිය උද්දඡ්චකමින් අහංකාර කමින් පිරිච්ච දාඩිය ගද සුවද දන්නේ නැති ජනතාවත් සමග ගණුදනු කරන්න බැරි පන්සලකට ගිහිල්ලා පන්සලක අදින ඇදුම දන්නේ නැති කථාකරන විදිහ දන්නේ නැති ඒ වගේම රාජ්‍ය ආයතනයක රාජ්‍ය නිලධාරින්ට කතා කරන්න දන්නේ නැති රජයේ නිලදාරින්ගේ තරාතිරම නොබලා අමු කුනුහරුපෙන් නිලදාරින්ට
බනින තත්වයට පත්වෙලා.ඇය නිසා ඇල්පිටිය සම්බන්ධීකරණ රැස්වීම පවා අඩාල වෙලා.
අපි සම්බන්ධිකරන කිමිටුවට යනවා ගිහිල්ලා වාඩි වෙනවා න්‍යාය පත්‍රෙය් මැද හරියට එනකොට මේ ගීතා කුමාරසිංහ මැතිනිය මොකක් හරි අල්ලගෙන ගුනරත්න වීරකොන් අමාතයවරයාට බැන වදිනවා මේ ගැටුම නිසා සම්බන්ධිකරණ කමුටුවේ කටයුතු නතරවෙනවා.එකපාරක් නෙවෙයි අවස්ථා ගණනාවකදීම මේක වුනා“
“අද අපි ලොකු බයකින් ඉන්නේ අඩුම ගානේ ඊලග පාර්ලිමේන්තු මැතිවරණයේදී වත් මන්ත්‍රීවරයෙක් හදන්න බැරිවෙයි මෙහෙම ගියොත්.අද ගීතා කුමාරසිංහට මැයි දිනයට 100 ක් එකතු කරගන්න බෑ.ඒ නිසා අපි කරුනාකරලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා මේ ගීතා කුමාරසිංහ ඉවත් කරලා දේශපාලන ගමනක් යන්න පුලූවන් දේශපාලනය දන්න නායකයෙක් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ“
Posted in:
sri e news.com,
ගීතා කුමාරසිංහ
.jpg)
Geetha meywagey scene ekak dunne nethnam aney kohomada Pansaley haamuduruwo aathal ekak ganne.Mokada siwra endata, itipandam handun kooru nemeine.
ReplyDelete