අක්‌කාගේ ප්‍රේමසම්බන්ධය දිගටම පවත්වාගෙන යැමට පතා මල්ලී පැහැරගෙන
31 දා රාත්‍රි මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ මහීෂ මිහිරංග කුමාරසිංහ නමැති දරුවායි. දරුවා පැහැරගෙන ගිය පිරිස නිවසේ සිටි මව විසින් හඳුනාගෙන තිබිණි.
රුවා පැහැරගත් තිදෙනාගෙන් අයකු සිය 17 හැවිරිදි දියණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගැනීමට උත්සාහ දැරූ බවත් තමන් එයට දැඩි විරෝධය දැක්‌වූ බවත් එම මව පොලිසියට පවසා ඇත.
මේ අතර එම සැකකරුවන් අතරින් එක් අයකු විසින් පැහැරගත් දරුවා මුදාහැරීමට දියණිය සමඟ සම්බන්ධය දිගටම පවත්වාගෙන යැමට ඉඩ දෙන්නැයි මවට දුරකථනය ඔස්‌සේ පවසා තිබේ.
පැහැරගත් දරුවා සොයා පොලිසිය පුළුල්
මෙහෙයුමක් අරඹා තිබියදී නිවසක හඬන කුඩා දරුවකු ගැන නාවලපිටිය ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට තොරතුරු ලැබී ඇත. ඒ ඔස්‌සේ විමර්ශන සිදුකර පොලිසිය මෙම දරුවා සොයාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුස්‌සැල්ලාව පොලිසිය හා නාවලපිටිය පොලිසිය ඒකාබද්ධව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

0 comments for "අක්‌කාගේ ප්‍රේමසම්බන්ධය දිගටම පවත්වාගෙන යැමට පතා මල්ලී පැහැරගෙන"
Leave a reply