ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

කෝටියක් පමණ වටිනා ගජමුතු තිහක් සමග තිදෙනෙක් දැලේ,


රුපියල් කෝටියක් පමණ වටිනා ගජමුතු තිහක් සමග යුද හමුදාවේ කෝප්‍රල්වරුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් 29 දා මීගමුව ‍පොලීසියේ  දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පන්සලක ෙචෙත්‍යයක පැළඳවීමට ගජමුතු අවශ්‍ය බව පවසා ලක්ෂ 35ක මූලික ගනුදෙනුවකට භික්ෂුන් වහන්සේ නමක් ලෙස මවා පෑමෙන් එක් සැකකරුවෙකු සමග ‍පොලිස් උපාය දූතයන් දුරකතන සංවාදයක යෙදීමෙන් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව කුරණ දුම්රිය‍පොළ අසලට යුද හමුදා ලාංඡන සහිතව නිල රථයකින් මෙම සැකකරුවන් තිදෙනා පැමිණ ඇත. නිලරථය පදවා ඇත්තේ යුද හමුදා
නිල ඇඳුමෙන් සැරසුණු කෝප්‍රල්වරයෙකි. ගජමුතු 30 සැකකරුවන් තිදෙනාගේ කලිසම් සාක්කුවල තිබි සොයාගෙන ඇත.
කොට්ඨාස ‍පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතාගේ හා සහකාර ‍පොලිස් අධිකාරී ආනන්ද අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් පිට මීගමුව මූලස්ථාන ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ගාමිණී හල්වල මහතාගේ අධීක්ෂණය යටතේ මීගමුව ‍පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරී කණ්ඩායම මෙම වැටලීම සිදු කළහ.

Posted in:

0 comments for "කෝටියක් පමණ වටිනා ගජමුතු තිහක් සමග තිදෙනෙක් දැලේ, "

Leave a reply