ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

ඩිල්ෂාන්ගේ හිටපු බිරිය ගාණ වැඩි කරලා..|


හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ට මාර්තු 6 වන බදාදා අධිකරණයේ පෙනීසිටින්න නොතීසි නිකුත් කර තිබුනේ පෙර විවාහයේ බිරිය වන නිලංකා විතානගේ පැවරූ නඩත්තු නඩුවේ ඩිල්ෂාන් ගෙවීම් පැහැර හැර තිබුණ නිසාය..

ඩිල්ෂාන්ගේ පෙර විවාහයේ දරුවා වෙනුවෙන් පසුගිය වසර 3 ක කාලයක ජීවිත රක්ෂණ වාරික නොගෙවීමත් මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තු නොගෙවීමත් නිසා මේ නඩුවට ඩිල්ෂාන් පෙනී සිටින්නට සිදු වුණා.

කෙසේ වෙතත් වාර්තා
වූයේ නිලංකා විසින් ඩිල්ෂාන්ට එරෙහිව තවත් නඩුවක් පවරා ඇති බවයි. එම නඩුවට අනුව දරුවා වෙනුවෙන් නඩත්තු මුදල රුපියල් 125000 දක්වා වැඩි කර තිඛෙනවා.

ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලැඛෙන මුදල් හා දීමනා සැලකීමේදී මේ මුදල සුළු දෙයක් බැවින් ඩිල්ෂාන්ගෙන් මින් පෙර ඉල්ලු විසිදාහ තරම් නොවන ගණනක් බැවින් මේ ආකාරයට මුදල් වැඩි කර ඉල්ලන්නට නීතීඥ උපදෙස් ලැබී තිඛෙනවා.

මෙම නඩුවට ඩිල්ෂාන්ගේ වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක්ද අමුණා තිබූ අතර එහි දැක්වෙන පරිදි තිලකරත්න ඩිල්ෂාන්ගේ

ගේදොර ඉඩකඩම්වල වත්කම රුපියල් ලක්ෂ 2500 කි.
ඔහුගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 120 කි.
ශ්‍රීලංකා ක්‍රිකට් මගින් වසරකට ආදායම රුපියල් ලක්ෂ 1260 කි.
2008-12 සඳහා අයිපීඑල් කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ 3000 කි.
2011 ලෝක කුසලානය රුපියල් ලක්ෂ 500 කි.
2012 20-20 ලෝක කුසලානයෙන් ලක්ෂ 180 කි.
2012 එස්එල්පීඑල් මගින් ලක්ෂ 62කි.
මාස් හෝල්ඩින් ආයතනයෙන් මාසිකව ලක්ෂ එකහමාරකි


Posted in:

1 comment:

  1. It is very justifiable,because Dilshan was the father of this child.He must have had a good income to enjoy with two wives.As his earnings increases his child also deserve the share.If he could spend many thousand of Dollars to cover up his molestation in Africa, why can't he pay this.

    ReplyDelete