ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නැති පෝෂණයක් මවා පෙන්වූ වෙළද දැන්වීම් 15ක් තහනම්


පෝෂණ ගුණය මවාපාමින් මහජනයා නොමග යවන හා ව්‍යාජ හිමිකම් පෑ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් 15ක් තහනම් කිරීමට ආහාර පනතේ රෙගුලාසි අනුව ආහාර පනතේ බලධාරියා වන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පෝෂණ ගුණය වැඩි ලෙස මවා පෑම හේතුවෙන් එකී තහනම් කිරීමේ තීරණය ගෙන ඇත. තහනම් කරන ලද වෙළෙඳ දැන්වීම් අතර කිරිපිටි වර්ග කිහිපයක් ශරීරය කෙට්ටුවීම තේ කොළ ආශ‍්‍රිත නිෂ්පාදන කිහිපයක් හා ආහාර පෝෂණ අතිරේකයක්
සහිත විටමින් ඖෂධ ද වෙයි.

එම සියලූම ආහාර ද්‍රව්‍යවල අඩංගු යැයි සටහන් කර ඇති පෝෂ්‍ය පදාර්ථ හා පෝෂණ ගුණ සියයට 100ක් නොමැති නමුත් පෝෂණය ඇති බවට ව්‍යාජ මවාපෑම් සිදුකර ඇති බැවින් ඒවා ආහාර පනත අනුව තහනම් කිරීමට පියවර ගෙන ඇත.

තහනම් කරන ලද වෙළෙඳ දැන්වීම්වලට අමතරව ව්‍යාජ පෝෂණය මවාපාන තවත් රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කිහිපයක් අධීක්ෂණ මට්ටමේ ඇති බවත් ඒවා අධීක්ෂණයෙන් පසු තහනම් කිරීමට හෝ සංශෝධනයකට ලක් කිරීමට නියමිත බවද වාර්තා වේ.

Posted in:

1 comment:

  1. very good.for healthy sri lanka drink only SAMAHAN DAILY

    ReplyDelete