අපේ තරුණ පරපුර දැන් හැම වචන තුන හතරකට වරක් ‘අනිවාර්යෙන්’ කියන්න පුරුදු වෙලා ----- මහාචාර්ය කුසුමා කරුණාරත්න

පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වූ මහාචාර්ය කුසුමා කරුණාරත්න මේ කාලයේ සිංහල භාෂාව වෙනස්වී ඇති ආකාරය ගැන උදාහරණ කිහිපයක් සාකච්ඡුා කළා.
තරුණ පරපුර විලාසිතාවකට කරන වෙනස්කම් මෙන්ම නොදැනීම නිසා සිදුකරන වෙනස්කම්ද රැුසක් ඇති බව ඇය පෙන්වා දුන්නා.
ඉරා අඳුරු පට නමැති වැඩසටහනේදී එවැනි උදාහරණ කිහිපයක් ගැන ඇය කියා සිටියේ පහත පරිදිය.
‘අනිවාර්යයෙන් කියන්නේ ඉංග‍්‍රීසියෙන් කම්පාර්සරි කියන අදහස. විභාග ප‍්‍රශ්න පත‍්‍රයකට මුලදි උපදෙසක් දෙනවා පළමු ප‍්‍රශ්නයට ලිවීම අනිවාර්යයි කියලා. නමුත් අද ඒක යෙදෙන්නෙ වෙනම අරුතකින් සෑම වචන තුන හතරකට වරක් අනිවාර්යෙන් කියන්න පුරුදු වෙලා. මොකක් හරි දෙයක් ගැන විස්තර කරන්න පටන් ගන්නෙත් ‘අනිවාර්යයෙන්ම...’ කියන සක්ක පදේ ගහලා.
ඊළ`ගට හැමදේකටම පාවිච්චි කරනවා ‘තුළ’ කියන වචනය.
මේ වේදිකාව තුළ අපට දකින්නට ලැබුණ රංගනය වගේ දේවල් වැඩසටහන් වලදි කියනවා. නමුත් ‘තුළ’ යන්නේ ඇත්ත අර්ථය ඇතුළත යන්න හ`ගවන්නටයි යොදවන්න ඕන.
‘ගොඩක් කියන වචනයත් පුන පුනා කියන සිරිතක් දැන් තියනවා.
මෙවැනි රූපවාහිනී වැඩසටහන් අතරතුර සමහරු කියනවා ‘පුංචි විරාමයකට යමු’ කියලා විරාමය කියන එකකදි අපි කාලයනේ සීමා කරන්නෙ. ප‍්‍රමාණය නෙමෙයිනෙ. එතැන හරි යෙදුම වෙන්න ඕන ‘කෙටි විරාමයක්’ කියන එකයි.
ඒ වගේම දැන් ‘නිසා’ කියල කියන එක ‘නිසාවෙන්’ කියන්න පුරුදුවෙලා. සමහරු ‘නිසාවට’ කියලත් කියනවා. මේ වගේ එක කෑල්ලක් අරගෙන ඒකට වටේට වාටි දානවා.
මේ ඇතැම් භාෂා විලාසිතාවන් කාලයක් සමග නැති වෙලත් යනවා.ඒත් ව්‍යාකරණ වරද්දන්නේ ඒ ගැන නොදැනවීම කණාගාටුවට කරුණක්.
අපි කර්තෘ කාරක කර්ම කාරක කියල පාසලේදී ඉගෙන ගන්නවා. නමුත් දැන් ඒවා ඉගෙන ගන්නැතිවම ආපු පිරිසක් ඉන්නවද කියල මට හිතෙනවා. සමහරු භාෂාව හසුරවන විට ‘මම ඔබ පිළිගනු ලබනවා’ ‘ඇය විසින් එය කළා’ ආදී යෙදුම් දැන් ඇහෙනවා.
මෙහෙම පාවිච්චි කරන්නේ භාෂාව පිළිබඳ දැනීමේ අල්ප බවක් නිසා කියල අපිට කියන්න පුළුවන්.’
0 comments for "අපේ තරුණ පරපුර දැන් හැම වචන තුන හතරකට වරක් ‘අනිවාර්යෙන්’ කියන්න පුරුදු වෙලා ----- මහාචාර්ය කුසුමා කරුණාරත්න"
Leave a reply