ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

පෙම්වතියට වස පොවා මැරූ වෛද්‍ය සිසු පෙම්වතා


මොරටු විශ්ව විද්‍යාලයේ සිසු පෙම්වතියක හා රාගම වෛද්‍ය පිඨයේ සිසු පෙම්වතකු අතර ඇතිවූ පෙම් ආරවුලක් දුරදිග යාමෙන් පසු පෙම්වතිය මරන්නට වසදුන් පෙම්වතා පසුව දිවිනසාගත් පුවතක් ඊයේ වාර්තා වුණා. මේ සිද්ධිය නිසා දැන් දෙදෙනාම මියගොස්ය.
දෙදෙනා අතරට තුන්වන පාර්ශ්වයක් පැමිණීමේ සංසිද්ධියක් මත මෙම පෙම්වතා ඇගෙන් වෙන්ව ඇති අතර හිටපු පෙම්වතා වන මොහු දිගටම කරදර කිරීමේ සිද්ධි නිසා පසුගිය දිනවල මේ දෙදෙනා අතර ඇතිවූ පෙම් හබය හේතුකොටගෙන පෙම්වතිය අධික ලෙස නිදි පෙති පානය කර තිබුණ බවත් මේ හේතුවෙන් සිහිනැතිව සිටි ඇය පේරාදෙණිය රෝහලට ඇතුළු කරන්නට නිවැසියන් ක‍්‍රියා කළ බවත් වාර්තා වුණා. රෝහල් ප‍්‍රතිකාර වලින් ඇය සුවය ලබා සිටින අතරතුර වෛද්‍ය සිසු හිටපු පෙම්වතා ඇය බලන්නට පැමිණ තිබෙන අතර ඔහු පෙම්වතියට වසදී ඇත්තේ ඇගේ ලෙඩ ඇඳ වෙත ගොස්ය.

ඇය රෝහලට ඇතුළු කරන ලද්දේ 21 වනදාය. 22 වනදා වනවිට ඇය සුවය ලබා රෝහලෙන් නිදහස් කර තිබූ නමුත් ඇගේ නිවැසියන් නොපැමිණීම හේතු කොට ඇය රෝහලේ
තවදුරටත් රැුඳී සිටි බව කියැවුණා. එදින සවස 5 ට පමණ පෙම්වතා ඇය බලන්නට කථා කර සුවදුක් විමසා ගිය බවත් නැවත රාත‍්‍රී 8 ට පමණ ඇයව බලන්නට ඔහු පැමිණියේ කිරි පැකට්ටුවක් හා කඩල මුලක් රැුගෙන බවත් වාර්තා වුණා.

පෙම්වතා එතැනින් පිටව ගිය පසු ඇය කිරි පැකට්ටුව බොන අයුරු වාට්ටුවේ සිටි අය දැක ඇත. එය බීමෙන් පසු ඇය එකවරම ගැහෙන්නට පටන් ගත් බවත් පසුව හොඳටම අමාරු වූ බවත් රෝහලෙන් කියැවුණා. වෛද්‍යවරු පැමිණ සෝදිසි කරන්නට උත්සාහ කළත් පලක් වී නැත. අධික විසවර්ගයක් අඩංගු කිරි පැකට්ටුව පානය කර තිබීම නිසා ඇය පැය කිහිපයක් ඇතුළත මරණයට පත්වී තිබෙනවා.

මේ අතර වෛද්‍ය සිසු පෙම්වතා පොල්ගහවෙල පිහිටි සිය නිවසට ගොස් එදින රාත‍්‍රියේම එන්නතක් විදගෙන ඇත. එයද එම විෂ වර්ගයේම එන්නතකි. මේ නිසා ඔහු නිවසේදී අමාරුවී තිබෙන අතර වෛද්‍යවරියක වන ඔහුගේ මව ඔහුව කුරුණෑගල රෝහලට ඇතුළත් කළත් පැය කිහිපයක් ඇතුළත ඔහුද මිය ගොස් තිබෙනවා.

මෙම සිද්ධි වලින් මිය ගියේ මොරටු විශ්ව විද්‍යාලයේ සිසුවියක වන 24 හැවිරිදි මහේෂිකා ප‍්‍රියංගනී කුලරත්න හා රාගම වෛද්‍ය පීඨයේ සිසුවෙකු වන 25 හැවිරිදි අමිල චතුරංගයි.
සිද්ධීන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදුවෙනවා.

Posted in:

0 comments for "පෙම්වතියට වස පොවා මැරූ වෛද්‍ය සිසු පෙම්වතා"

Leave a reply