ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

නීති සංගම් සංවත්සරේ අගවිනිසුරු නැ.... මුලසුන ශිරාණි බණ්ඩාරනායකට


ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට අභිනවයෙන් පත් වූ උපුල් ජයසූරියගේ පදවිප‍්‍රාප්තිය නිමිත්තෙන් කොළඹ නව ර`ගහලේ පෙරේදා පැවැති උළෙලට, අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට ආරාධනා නොකර රජය විසින් දෝෂාභියෝගයක් මගින් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරනු ලැබූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. නීතිඥ සංගමයේ වසර 39ක ඉතිහාසයේ, අගවිනිසුරු ධුරය දරන පුද්ගලයාට ආරාධනා නොකර පැවැත්වූ ප‍්‍රථම පදවිප‍්‍රාප්ත උළෙල ලෙස මෙය ඉතිහාස ගත වේ.
හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියද නීතිඥ සංගමයේ ආරාධනාවක් අනුව මෙම උළෙලට සහභාගි වූ අතර අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතාටද මේ සඳහා ආරාධනා කර නොමැත.
උඩරට නැටුම් හා මගුල් බෙර හඬ මධ්‍යයේ ආරාධිත අමුත්තන් දෙදෙනා උත්සව ශාලාව වෙත කැඳවාගෙන යනු ලැබිණි.
ආරාධිත අමුත්තන් දෙදෙනා උත්සව ශාලාවට කැඳවාගෙන ගිය විගසම එහි අසුන් ගෙන සිටි නීතිපති පාලිත ප‍්‍රනාන්දු මහතා ප‍්‍රධාන නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය
සොලිසිටර් ජනරාල්වරු උත්සව ශාලාවෙන් පිටව ගියහ.
හිටපු නීතිපතිවරයකු වන සුනිල් සී. ද සිල්වා ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥවරු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ.
වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් හා අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහත්වරුන් මෙම උත්සවයට සහභාගි නොවීම මෙහි කැපී පෙනුණු සිද්ධියක් විය.
නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ පදවිප‍්‍රාප්ත උළෙලේ සාම්ප‍්‍රදායික චාරිත‍්‍රය වනුයේ නීතිපතිවරයා විසින් සභාපතිවරයා උත්සව ශාලාවේ මුල්පුටුවට ආරාධනා කරනු ලැබීමයි. එහෙත් මෙම උත්සවයේදී නීතිපතිවරයා හදිසියේම ඉන් පිට වී යෑම කාගේත් කුතුහලයට හේතුවක් විය. උත්සවයේ ප‍්‍රධාන දේශනය කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සී. වී. විග්නේෂ්වරන් මහතා සිය කතාවේදී කියා සිටියේ නීතිපතිවරයා සාම්ප‍්‍රදායිකව ඔහුට පැවැරී ඇති කාරිය ඉටු කරනු ඇති බවය.
විග්නේෂ්වරන් මහතා එහිදී මෙසේද පැවැසීය.
හිටපු අගවිනිසුරුවරයකු වූ නෙවිල් සමරකෝන් මහතාට එම පදවිය භාර ගන්නා ලෙසට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ආරාධනා කළ විට ඔහු පැවැසුවේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් නොකරන්නේ නම් එම පදවිය භාර ගන්නා බවයි.
එහෙත් ජයවර්ධන මහතා එම පොරොන්දුව උල්ලංඝනය කළා. දැන් අගවිනිසුරු ලෙස පත්ව සිටින විනිසුරුවරයාගේ පත්වීම නීත්‍යනුකූල බව පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය කලින් දෙන ලද තීරණ වෙනස් කිරීමට, විනිශ්චය මණ්ඩල පත්කිරීම එම තීන්දු දුන් විනිසුරුවරුන්ගේ අවංකකම සහ අපක්ෂපාතීභාවයට ප‍්‍රශ්න මතුවන බව කිව හැකියි.
අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීම රටේ යුක්තිය පසිඳලීම වැළැක්වීමට පියවර ගැනීමක් ලෙස හැඳින්විය හැකියි.
ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා,
මහජනයාට අධිකරණය කෙරෙහි විශ්වාසයක් ඇති වන්නේ විනිසුරුවරු කිසිදු බලපෑමකට යට නොවී නීතියට එකÛව සිය යුතුකම ඉටු කරන බව හැ`ගීගියහොත් පමණි. එවැනි හැගීමක් මහජනයා තුළ නොමැති නම් අධිකරණය කෙරෙහි මහජනයා තුළ ගෞරවයක් ඇති නොවේ.

Posted in:

0 comments for "නීති සංගම් සංවත්සරේ අගවිනිසුරු නැ.... මුලසුන ශිරාණි බණ්ඩාරනායකට"

Leave a reply