ගොසිප් නිව්ස්,news,sri lanka, lanka e news

බෝස්ටන් බෝම්බයේ සැකකරුවන් සොයා නිවෙස් පීරමින් රාත‍්‍රී පොලිස් මෙහෙයුමක්


 මේ මොහොතේ බොස්ටන් නුවරට රාත‍්‍රිය ගෙවෙමින් පවතින අතර පැනගිය බොස්ටන් බෝම්බ සැකකරුවකු සොයා විශාල මෙහෙයුමක් ක‍්‍රියාත්මකය.
නිවැසියන්ට ප‍්‍රවේශම් වන්නැයි රූපවාහිනී මගින් අනතුරු ඇ`ගවීම් නිකුත් කර ඇත.
මෙහෙයුමේදී එක් සැකකරුවෙකු දැනටමත් වෙඩි පහරකින් මිය ගොස්ය. පොලිස් නිලධාරියෙකුද වෙඩි හුවමාරුවෙන් මියගියා.මෙම මෙහෙයුමට උදව් වූයේ සීසීටීවී වීඩියෝවකි.
පසුගිය සඳුදා තිනෙකුට මරු කැඳවමින් මැරතන් තරගයක් අසළ සිදුවූ බෝම්බ පිපිරුමට අදාළ තරගය අවසන් කළ ස්ථානයේ සීසීටීවී වීඩියෝ පරීක්ෂාවෙන් පසු ඊයේ ඇමරිකානු එෆ්බීඅයි පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙනෙකුගේ ඡුායාරූප මහජන හඳුනාගැනීම සඳහා නිකුත් කරනු ලැබුවා.
ඇමරිකානු වේලාවෙන් රාත‍්‍රි 10.30 ටපමණ කේම්බි‍්‍රජ් සෙන්ට‍්‍රල්
චතුරශ‍්‍රය අසළ සෙවන්ටු එළවන් සුපිරි වෙළෙඳ සලක සොරකමක් සිදුවූ අතර එය සිදු කර තිබුනේ මේ සැකකරුවන් බව කැමරා ඡුායාරූප වලින් හඳුනාගනු ලැබුවා. වහාම පොලිසිය සැකකරුවන් ලූහුබඳින්නට පටන් ගත්තේ එතැන් සිටයි.
මෙම සොරකම අවස්ථාවේ එයට මැදිහත්වූ පොලිස් නිලධාරීන් සමග ඔවුන් වෙඩි හුවමාරුවක් සිදු කළ බවද වාර්තා වුණා.
කේම්බි‍්‍රජ් මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ආරක්ෂක පොලිස් නිලධාරියෙකු මේ අවස්ථාවේ මිය ගිය අතර වෙඩි හුවමාරුවේදී හඳුනාගත් දෙදෙනාගෙන් එක් සැකකරුවෙකුද මියගියා.
මේ අවස්ථාවේ බෝස්ටන්හි ප‍්‍රදේශවාසීන් වාසය කරන පැත්තට අනෙක් සැකකරු පළාගොස් ඇති අතර ඇමරිකාවේ මධ්‍යම රාත‍්‍රිය ගෙවෙමින් පැවති පසුගිය පැය කිහිපය පුරා ඔහුව සොයා පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මක වෙනවා. සැකකරු කිසියම් නිවසකට ගොස් සැ`ගවී ඇති බව පොලිසිය විශ්වාස කරන අතර රූපවාහිනී මාධ්‍ය ඔස්සේ නිවේදන නිකුත් කළේ පොලිසියට මිස කිසිම කෙනෙකුට තම නිවෙස්හි දොරවල් නොඅරින ලෙස දන්වමිනි.






Posted in:

1 comment:

  1. දැනට පැය 4ට පමණ පෙර බොස්ටන්,වෝටර්ටවුන් පොලිසිය විසින් අනිත් සැකකරු අත් අඩංගුවට ගෙන දෑතට මාංචු දමා මග දෙපස රැස්වුවන්ගේ ප්‍රීති ඝෝෂා මැද ගිලන් රථයක නංවාගෙන රැගෙන යන ලදී.

    ReplyDelete